අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයතනවල පවතින නාස්තිය දූෂණය මෙන්ම ප්‍රමාදය වළක්වා ගන්නේ නම් ඉහළ ආදායමක් රටට ලබා දිය හැකියි- අමාත්‍ය මහින්ද අමරවීර

    මැයි 27, 2020

    ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ ඇමති හමුවෙයි -

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ වෘත්තිය සමිති නියෝජිතයින් සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා (26) දින පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීය.

    විශේෂයෙන් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව හා ලංකා ඛනිජතෙල් ගඩබා පර්යන්තය වැඩිදියුණු කිරීම මෙන්ම ඉදිරි සංවර්ධන කටයුතුවල දී සියලු දෙනා එක්ව කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ අදහස් යෝජනා ලබා ගැනිමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වනු ලැබීය.

    මෙම සාකච්ඡාව දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජතෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලයේ දි පැවැත්විනි.

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් බවට පසුගිය කාලය පුරා පත්ව තිබෙන අතර එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම සංස්ථාව නවීකරණය නොවීම හා ඛන්ජතෙල් නිෂ්පාදන තවමත් පිරිපහදුව මගින් නිපදවන්නේ ජාතික අවශ්‍යතාවයෙන් සියයට 30-35ක් අතර ප්‍රමාණයක් වීමත්, ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමත්, ඉන්ධන සහනාධාර ක්‍රියාත්මක කිරීමත් ඒ සඳහා බලපා ඇතැයි එම නියෝජිතයෝ පෙන්වා දුන්නේය.


    කෙසේ වුවද 2019 දී රු.බි. 10.09ක පාඩුවක් එම සංස්ථාවට සිදු ඇති බවත්, පසුගිය මාස තුනක කාලය තුළ කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග රුපියලේ අගය පහත වැටීම, ඛනිජතෙල් සඳහා ඇති ඉල්ලුම පහත වැටීම වැනි හේතු නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රු. බි. 45ක පාඩුවක් සිදුව ඇතැයි එහි උසස් නිලධාරින් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.


    එමෙන්ම ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තය පසුගිය කාලය තුළ වාර්ෂිකව රුපියල් බිලියනයක පමණ ලාබයක් ලබා ඇතත්, කොවිඩ් 19 නිසා මේ වනවිට එම පර්යන්තය ද විශාල පාඩුවකට මුහුණ පා සිටින බවත් මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ විය.

    එහිදී අදහස් පළකළ අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථිකමය වශයෙන් අප රටට ඉතාමත් වැදගත් ආයතකන වන ලංකා ඛනිජතෙල් සංස්ථාව, ශ්‍රී ලංකා රේතුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,ආගමන විගමණ දෙපාර්තමේන්තුව වැනි ඉහළ ආදායමක් ලබා දිය හැකි ආයතනවල පවතින නාස්තිය දූෂණය මෙන්ම ප්‍රමාදය වළක්වා ගන්නේ නම් ඉහළ ආදායමක් රටට ලබා දිය හැකි බවයි. කෙසේ වුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට සියලු දෙනා බේදවලින් තොරව කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya