අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය කාර්යමණ්ඩල සහ COVID-19 ආසාදිතයින්ට ලබාදීමට පිරිත් පැන් බොතල් 20,000 ක ප්‍රදානයක්

    මැයි 23, 2020

    COVID-19 වෛරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවාසි ජනතාවට සහ සියළු ලෝකවාසී ජනතාවට ආශිර්වාද කිරීමේ අරමුණින් පූජ්‍ය මකුලෑවේ සුදත්ත ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව පරිදි පිරිත් පැන් බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් රතනසූත්‍රයේ ආනුභාවයෙන් බලගන්වා COVID-19 වෛරසය හමුවේ තම ජිවීත ගැන නොසිතා දිවා රෑ වෙහෙසන සෞඛ්‍ය කාර්යමණ්ඩල ඇතුලු ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාවට සහ වෛරසය ආසාදිත රෝගීන්ට බෙදාදීමට කටයුතු යොදා ඇත.

     

    ඒ අනුව ඊයේ දින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ වෛරසය ආසාදිත රෝගීන්ට ලබාදීම සදහා පිරිත් පැන් බෝතල් 20,000 කට අධික ප්‍රමාණයක් සංකේත වශයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කිරිම රාජගිරිය කළපලුවාව, නෙළුම් පෙදෙස, දහම් මැදුර භාවනා මධ්‍යස්ථානයේ දී සිදු කෙරිනි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් ප්‍රකාශ කරන ලද්දේ රට තුල හා ලෝකය තුල ඇති වී තිබෙන මෙම ව්‍යසනකාරි තත්ත්වයේ දී ආගමික නායකයින් විසින් ද ලබාදෙන සහයෝගය ඉතා අගය කරන බවයි. එමෙන්ම මෙම පරිත් පැන් බෝතල් ඉතා ඉක්මණින් අදාල අංශ වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද පැවැසීය.

    මෙම උතුම් සත්ක්‍රියාව එනම් මහානුභාව සම්පන්න රතන සූත්‍රය 1008 වරක් සඡ්ඣයනය 2020.05.07 දින පටත් සත් දිනක් පුරා දහම් මැදුර භාවනා මධ්‍යස්ථානයේ දී සිදු කොට ඇත.

    එමෙන්ම යුනිලීවර් ආයතනය විසින් රුපියල් මිලියන 13 ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් ද ඊයේ දින සිදු කරන ලදි. එම උපකරණ අතර වෙන්ටිලේටර් යන්ත්‍ර 05 ක් සහ සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල 2800 ක් වන අතර, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත එම ප්‍රදානය යුනිලීවර් ආයතනයේ වෙළෙද අධ්‍යක්ෂ ෂර්මිලා බණ්ඩාර මහත්මිය, අලෙවි අධ්‍යක්ෂ අරුණ මාවිල්මඩ සහ සැපයුම් අධ්‍යක්ෂ ජෙරාඩ් ඉරුදයරාජ් යන මහත්මින් විසින් ප්‍රදානය කරන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya