අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන කටයුතු පත් කොට ඇති වසංගත විද්‍යාඥයින් විසින් අඛණ්ඩව නිරීක්ෂණය කරනවා

    මැයි 20, 2020

    COVID19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම කාලය තුළ අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සැළකිය යුතු ප්‍රමාණයක් සෞඛ්‍ය අංශය මඟින් ලබා දී ඇති බවත් ඉදිරියේ දී නීතිගත වීම සිදු වන බවත්, ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසහටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත
    මධ්‍යස්ථානයේ (20) දී කියා සිටියේය .

    එමෙන්ම, වැලිසර නාවික හමුදා කඳවුර සහ අනිකුත් හමුදා කදවුරු ආශ්‍රිත ව පවතින COVID – 19 වසංගත තත්වය පිළිබඳ පත් කර ඇති වසංගත විද්‍යාඥයින් සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව ලබා දී ඇති නිර්දේශ ඉතා තදින් ක්‍රියාත්මක කරන ලෙස තමා උපදෙස් ලබා දී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. මේ වන විට 600 ක් පමණ ආසන්න නාවික හමුදා නිළධාරීන් පිරිසකට මෙම වෛරසය අසාදනය වී ඇත.


    එබැවින්, මෙම තත්ත්වය මර්දනය කිරීමේ අවශ්‍යතාවය මත පිණිස ලබා දී ඇති නිර්දේශවලට අනුව ඇතැම් නාවික හමුදා නිළධාරීන් දුරස්ථ නිරෝධායන මධ්‍යස්ථාන වලට යැවීමට කටයුතු කර ඇති අතර ඔවුන් විවිධ රාජකාරි අවෙලට අදාළ පිරිස් වන බැවින් ඔවුන් ඒ ඒ ආදාළ ස්ථාන වලට අනුකුල වන පරිදි එසේ නිරෝධායනයට ලක් කරන ලෙසත්, ඒ ඒ ප්‍රදේශ වල සංචරණය වීම වැලැක්වීමට ද කටයුතු කිරීමට ද එකී නිර්දේශ මඟින් උපදෙස් දී ඇති බව ඒ මහතා සදහන් කළේය.

    එමෙන්ම, එකී කටයුතු නිසියාකාර ව සිදු වන්නේ ද යන්න පිළිබඳ ව පත් කොට ඇති වසංගත විද්‍යාඥයින් විසින් අඛණ්ඩ ව නිරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවත්, නාවික හමුදාවේ සෞඛ්‍ය අංශ මඟින් මෙම නිර්දේශ තදින් ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද මෙහි දී ඒ මහතා විසින් සදහන් කරන ලදී.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya