මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර පාසල්වලට තමෝමීටර්

    මැයි 15, 2020

    නැගෙනහිර පළාතේ පළමුවෙන්ම ආරම්භ කරන සියලු පාසල් සඳහා තමෝමීටර් ලබාදීමට කටයුතු කරන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය බලධාරින්ට නියෝග කළාය.

     

    රජයේ තීරණය මත පළමුව උසස් පෙළ පන්ති ඇති පළාත් පාසල් 300ක් පමණ ආරම්භ කිරිමට නියමිත අතර එම පාසල් 300ටම තමෝ මීටර් ලබාදීමට නියමිතය.ඊට අමතරව එම පාසල් පූර්ණ විෂබීජහරණයකට ලක්කිරීමට ද ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය.

    එමෙන්ම පළාතේ සියළු පාසල් ආරම්භ කිරීමට පෙර කොරෝනා වසංගතයෙන් බේරීමට ළමුන් දැනුවත් කිරීම සඳහා වන දැන්වීම් ඇතුලත් බැනරයක් පාසලේ ප්‍රදර්ශනය කරන ලෙසද ඇය පළාත් අධ්‍යාපන බලධාරීන්ට කියා සිටියාය.

    මේ අතර කලාප මට්ටමින්,කොට්ඨාශ මට්ටමින් මෙන්ම පාසල් මට්ටමින් දෙමාපිය හමු පවත්වන ලෙසද ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය.

    පාසල් ආරම්භ කිරීමට පෙර සතිය වන විට මෙම ක්‍රියාමාර්ග සියල්ල අවසන් කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දෙන ලෙසද ආණ්ඩුකාරවරිය කීවාය.

    ඊට අමතරව පාසල් ආරම්භ කිරීමට පෙර එම පාසල් වලට ජල සැපයුම ලබා දීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වූහ.සෑම පාසලකම දෑත් සේදීමේ ස්ථානයක් සැකසීම, ගුරුවරුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා විශේෂ හැදුනුම්පතක් සැකසීම, සෑම සිසුවෙකුගේම සෞඛ්‍ය තොරතුරු සටහන් කරන කාඩ්පතක් ලබා දීම ඇතුළු කරුණු කෙරෙහිද මෙහිදී දැඩි අවධානය යොමු වූහ.

    මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු අධ්‍යාපන බලධාරීන් ද, පළාත් සෞඛ්‍ය ලේකම් ඇතුළු සෞඛ්‍ය බලධාරින් ද පළාතේ දිස්ත්‍රික්ක තුනෙහිම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya