මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COVID- 19 වසංගතය මධ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඓතිහාසික පිළිගැනීමක්

    මැයි 15, 2020

    ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

    වීඩියෝ සම්මන්ත්‍රණයක් මගින් සිදු කළ අක්තපත්‍ර ප්‍රදානය ඓතිහාසික අවස්ථාවකි. අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් මෙවන් ගම්භීර උත්සවයක් ශ්‍රී ලංකාවේ පැවති පළමු අවස්ථාව මෙයයි. COVID- 19 වසංගතය හමුවේ උද්ගතව ඇති අර්බුදය නිමවන තෙක් අක්තපත්‍ර ප්‍රදාන උළෙල කල් දමනවා වෙනුවට කලින් සූදානම් කළ පරිදි පවත්වන ලෙස රාජපක්ෂ මැතිතුමා විසින් උපදෙස් දී තිබිණි.

    මෙය දැනට උද්ගතව ඇති ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව අනුගත වී ඇති නව ක්‍රමවේදවලින් එකකි. එහි ප්‍රතිඵලයක් ලෙස ලෙස වෛරසය පැතිරීම සාර්ථකව පාලනය කරන අතරතුර සමාජයීය හා ආර්ථික වශයෙන් මෙන්ම දැන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ද ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.


    අද පැවති කෙටි උත්සවයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් කැමරාව ඉදිරියේ සිය අක්තපත්‍ර ජනාධිපතිතුමාට භාරදුන් අතර පසුව ජනාධිපතිතුමා විසින් ඔවුන් පිළිගනු ලැබීය.  අක්කපත්‍ර භාරදුන් රාජ්‍යතාන්ත්‍රිකයන් වන්නේ


    1.Mr. Sergio Luiz Canaes - Ambassador- designate of the Federative Republic of Brazil based in Colombo
    සර්ජියෝ ලියිස් කනේස් මහතා - ශ්‍රී ලංකාවේ බ්‍රසීල සන්ධීය ජනරජයේ තානාපති
    2. Mr. Hashem Ashjazadeh Ambassador- designate of the Islamic Republic of Iran based in Colombo
    හෂෙමි අෂ්ජාසාදේ මහතා - ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති
    3. Mr. Gopal Baglay High Commissioner- designate of the Republic of India based in Colombo
    ගෝපාල් භාග්ලේ මහතා -ශ්‍රී ලංකාවේ ඉන්දියානු ජනරජයේ මහකොමසාරිස්

    අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආර්යසිංහ සහ විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya