මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් වත්මන් රජයට ප්‍රතිපත්තියක් තිබෙනවා -අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මැයි 14, 2020

    භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් වත්මන් රජයට ප්‍රතිපත්තියක් තිබෙන බවත්, ඒ අනුව අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීම නතර කොට ඇති බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

    මෙරටට අත්‍යවශ්‍යම භාණ්ඩ වලට පමණක් එවෙලේම මුදල් ගෙවා ගෙන්වා ගන්නා නමුත් අනිකුත් භාණ්ඩයක් වුවත් ඒවා ගෙන්වා ගැනීමේ දී එම අවස්තාවේ දී ම ගෙවීම් නොකොට සැපයුම්කරුවෙකු හරහා ගෙන්වා ගැනීම සිදු කරන නමුත් ඒ වෙනුවෙන් දින 180 ට පසු මුදල් ගෙවීම් කටයුතු සිදු කරන බවත් අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටි.

     

    එමඟින් විචක්ෂණශීලිව ආනයන අපනයන ක්‍රියාවලියක් ඇති කිරීමට කටයුතු කර ඇති බවත් ඒ මහතා මේ බව කියා සිටියේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් රටට අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේ දී ය.

    ඒ අනුව, කොරෝනා වසංගතය පැමිණීමට පෙර මෙම ආනයන ප්‍රතිපත්තිය වර්තමාන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ බවත්, එමඟින් දනටමත් ගම්මිරිස්, කුරුඳු, උඳු, කහ මෙන්ම, හඳුන්කුරු, වෙසක් සැරසිලි, සරුංගල් ආදිය ද ආනයනය සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇති බවත්, එසේ කිරීමට හේතුව මෙරට දේශීය කර්මාන්ත නඟා සිටුවීම බවත් අමාත්‍යවරයා විසින් අවධාරණය කොට සිටියේය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya