මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී පොහොර හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කෙරේ

    මැයි 14, 2020

    ඉදිරියේ දී පොහොර හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටී.

    ඒ මහතා මේ බව කියා සිටියේ, අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    දැනට එප්පාවල පිහිටා ඇති පොස්පේට් නිධිය භාවිතා කරමින් නිෂ්පාදනය කරන රොක් පොස්පේට් වෙනුවට Single Super Phosphate වශයෙන් ලංකාවේ විශේෂිත පොහොර විශේෂයක් නිෂ්පාදනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

    දැනට ශ්‍රී ලංකාවට Thriple Super Phosphate ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 07 ක මුදලක් වැය වේ. ඒ අනුව, ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරමින් පෞද්ගලික සමාගමක් හා සම්බන්ධ වෙමින් මෙම Thriple Super Phosphate වලට ආදේශකයක් ලෙස එප්පාවල සංචිතයේ ඇති ඇති රොක් පොස්පේට් යොදා ගනිමින් Single Super Phosphate නිෂ්පාදනය කිරීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි ව තිබේ. එමඟින් ආනයනය කරන මුදලින් අඩකට වඩා වැඩි මුදලක් මෙරටට ඉතිරි කර ගත හැකිවනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

    වත්මන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන කෘෂිකාර්මික ප්‍රබෝධය සමඟ පසුගිය වසරේ ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා යල කන්නයේ දී ගොඩමඩ ඉඩම් විශාල ප්‍රමාණයක් ගොවිතැන් කිරීමට යොමු කිරීම හේතු කොට ගෙන මෙරට පොහොර හිඟයක් ද ඇති වී තිබේ.

    එහෙත් මේ වන විට රජය විසින් අමතර මුදල් වැය කරමින් ක්‍ෂණික ඇනවුම් කරමින් පොහොර තොග ලබා ගනිමින් සිටින බවත්, ලංකාවේ සමහර පළාත් වල මුහුණ දෙන පොහොර හිඟයට අදාල ව රජයට අනුබද්ධ ආයතන වන ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම මඟින් දැනටමත් පොහොර ගෙන්වා තිබෙන බවත්, මේ වන විට එම ප්‍රදේශ වල පොහොර බෙදා හැරීමේ ක්‍රියාවලිය යථාවත් වෙමින් පවතින බවත් රමේෂ් පතිරණ මහතා මෙහි දී කියා සිටි අතර කඩිනමින් ඉදිරියේ දී ලංකාව පුරා පවතින පොහොර හිඟයට අවශ්‍ය විසඳුම් ලබා දීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඒ මහතා මෙහි දී කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya