මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එයාර්බස් A 330 යානාවක් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් පරිවර්තනය කිරීමට මූලික එකඟතාව

    මැයි 14, 2020

    එයාර්බස් A 330 යානාවක් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් පරිවර්තනය කිරීමට මූලික එකඟතාවය හිමිවේ. කොරෝනා වෛරස තත්වයේ බලපෑම හේතුවෙන් ගෝලීය වශයෙන් ගුවන් මගී ප්‍රවාහන කර්මාන්තය වර්ථමානයේ ලක්ව ඇති පසුබෑමට පිළිතුරු ලෙස ලොව බොහෝ ගුවන් සමාගම් විවිධ වූ ක්‍රමෝපායන් අනුගමනය කරමින් සිය ගුවන් සේවාවන් ස්ථාවරව පවත්වාගෙන යාමට කටයුතු කරයි.

    එයට අනුගත වෙමින් ජාතික ගුවන්සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය සිය මගී ප්‍රවාහන එයාර්බස් A330-300 යානාවක් තාවකාලිකව මගී ආසන ඉවත් කරමින් ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම්  සඳහා පමනක් භාවිත කළ හැකි පරිදි පරිවර්ථනය කර මෙහෙයුම් සඳහා එක්කිරීමට සූදානමින් සිටී.

    මෙම පරිවර්ථනය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ මූලික එකඟතාවය හිමිවූ අතර එම පරිවර්ථන කාර්යය නිමවීමෙන් පසු ගුවන්යෝග්‍යතා ප්‍රමිතීන් වල අනුකූලතාවය සළකා බලා ගුවන්යානාව මෙහෙයුම් සඳහා එක්කිරීමට අනුමැතිය ලබාදීමට නියමිතය.

    එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ගුවන් යානා වල ගුවන් භාණ්ඩ කුටීරයට අමතරව ගුවන් මගී කුටීරයේ ද ප්‍රමිතීන්ට අනුකූල වෙමින් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අනුමැතිය හිමිකරගෙන ඇත.

    කොරෝනා වෛරස තත්වයේ බලපෑම හේතුවෙන් ගුවන් මගී ප්‍රවාහන කර්මාන්තය කිසියම් පසුබෑමකට ලක්ව ඇති අවස්ථාවක ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය මෙලෙස ගුවන් යානාවන් කාර්යක්ෂම ලෙස මෙහෙයුම් ක්‍රියාවලියේ යෙදවීමට ගන්නා උත්සාහය ප්‍රසංසනීය බව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා සඳහන් කළේ ය.

    එමෙන්ම ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවන මෙම පරිවර්ථන ක්‍රියාවලිය නිමවීමෙන් පසු ගුවන්සේවා ප්‍රමිතීන්ට අනුකූලව එම කාර්යය සිදුවී තිබේද යන්න පිරික්සීමෙන් අනතුරුව මෙහෙයුම් සඳහා එක්කිරීමට අනුමැතිය ලබාදීමට කටයුතු කරන බව ද තවදුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ ය.

    සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා මේ බව සඳහන් කළේ, ඊයේ (13) ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ඉංජිනේරු අංශ නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවක දී ය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් සුරක්ෂිතතා රෙගුලාසි) රංජිත් පෙරේරා, අධ්‍යක්ෂ (ගුවන් මෙහෙයුම්) කපිතාන් ලුෂාන් ප්‍රනාන්දු, ජේෂ්ඨ ගුවන්යෝග්‍යතා පරික්ෂක චමින්ද විමලරත්න යන මහත්වරුන් සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ තත්ව පාලන කළමණාකරු සමන් ගුණසේන, තාක්ෂණික සේවා කළමණාකරු ජී. එම්. ගජනායක යන මහත්වරුන් ඇතුළු ගුවන් ඉංජිනේරු අංශයේ ඉහළපෙලේ නිළධාරීන් පිරිසක් ද එක්විය.

    කොරෝනා ගෝලීය වසංගත තත්වය හමුවේ මෙහෙයුම් අත්සිටුවීම නිසා ශ්‍රීලංකන් ගුවන් සේවයට ආර්ථික වශයෙන් අත්වන අලාභය අවම කරගැනීම වෙනුවෙන් ගුවන් සුරක්ෂිතතා නියාමන ක්‍රමවේදයන්ට හා සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් අනුව ක්‍රියාකරමින් කටයුතු කරන ලෙසට සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya