මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැල්මඩුල්ලේ දී විදුලි මනු කියවන නිලධාරියාට පහර දීම හෙළා දකිනවා-  විදුලිබල හා බලශක්ති අමාත්‍ය

    මැයි 14, 2020

    පැල්මඩුල්ල ප්‍රදේශයේ දී විදුලි මනු කියවන නිලධාරියෙකුට පහර දීම තදින්ම හෙළා දකින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    (12) රාත්‍රියේ දී එම සිද්ධිය විදුලිබල මණ්ඩලයේ නිලධාරින් විසින් සැළ කළ වහාම අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් දෙන ලද්දේ මෙම පහර දීම සම්බන්ධව විදිමත් විමර්ශනයක් කරන ලෙසත් පහර දුන් පුද්ගලයාට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා ලෙස ඉල්ලා පොලිස්පතිතුමාට ලිපියක් යවන ලෙසයි. රාජ්‍ය සේවකයෙකුට රාජකාරිය අවස්ථාවේ මේ අන්දමින් පහර දීම වැරදි පූර්වාදර්ශයක් ලබා දිය හැකි බැවින් ක්ෂේත්‍රය තුළ කටයුතු කරන සියලු රාජ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක් වේ.

    මෙම මනු කියවන නිලධාරියා යනු රාජ්‍ය සේවකයෙකි. ඔහු සිදු කර තිබෙන්නේ ඔහුගේ රාජකාරියයි. විදුලි බිල් පතේ කිසියම් වරදක් ඇත්නම් ඒ් සම්බන්ධව සාකච්ඡා කර එය නිවැරදි කර ගත හැකිය.කොරෝනා කාලසීමාව තුළ විදුලි බිල්පත් සම්බන්ධයෙන් මතුවන කාරනා සම්බන්ධව කටයුතු කළ යුතු ආකරය ගැන මහජනතාව දැනුම්වත් කර තිබේ. එසේ නොමැතිව සේවා සැපයීමට පැමිණි රාජ්‍ය සේවකයෙකුට පහර දීමට කිසිවෙකුට නිතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

    එමනිසා මෙම කාරණය සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා පොලිස්පතිතුමාට ලිපියක් යවන්නැයි අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම්වරියට උපදෙස් දුන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya