මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා වෛයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලික නතරවු කොරියා රැකියා යලි ආරම්භවෙයි

    මැයි 14, 2020

    කොරෝනා වෛයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලික නතරවු කොරියා රැකියා සම්බන්ධ කටයුතු යලි ආරම්භ කිරිම හා තාවකාලිකව නිවාඩු සඳහා මෙරටට පැමිණ සිටින ශ්‍රමිකයන් කොරියාවේ රැකියා වෙත යොමු කිරිමේ සාකච්ඡාවක් විදේශ සබදතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ( 11) පැවැත්විණි.

     

    නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍යාංශයේදි පැවැත්වුණු මෙම සාකච්ඡාවට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ නේවාසික අධ්‍යක්ෂ කිම් වොන් සොක් (Kim Won Seok) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ, කාර්යාංශයේ උප සභාපති නිමල් තිබ්බුටුමුනුව හා කාර්යාංශයේ පුහුණු, බඳවා ගැනීම් හා අලෙවිකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය යන මහත්වරුන් එක්වී සිටියහ.මෙහිදී, E-9 වීසා බලපත්‍රසහිත ශ්‍රමිකයන් කොරියාවේ රැකියා සඳහා පිටත්වීමේදි දින 14 ස්වයං නිරෝධායනයකට හෝ පහසුකම් නිරෝධායනයකට ලක්වීම සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව වැඩිදුරටත් සාකච්ඡාවට ලක්විය.

    කොරියානු සේවාස්ථානයන්හි රැකියා කරමින් නිවාඩු ලබා ආපසු යෑමේ අදහසින් පැමිණි ශ්‍රමිකයින් හැකි ඉක්මණින් නැවත පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, ඊට අවශ්‍ය පහසුකම් කාර්යාංශයට සපයන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදී. අවුරුදු 04 මාස 10ක් සම්පූර්ණ කොන්ත්‍රාත් කාලය අවසන් කර නැවත කොරියාවට යාමේ අරමුණින් ආපසු පැමිණි පිරිස්වලට ඒ සදහා කඩිනමින් අවස්ථාව ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ද අමාත්‍යවරයා කාර්යාංශයට උපදෙස් දුන් අතර, එම අවස්ථා ලබාගැනීමට අවශ්‍ය සහයෝගය කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයට කාර්යාංශය වෙත ලබාදෙන ලෙසද ඉල්ලා සිටියහ.

    කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය නියෝජිත, අධ්‍යක්ෂවරයා විසින් ඊට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කල අතර ප්‍රථම වාතාවට කොරියානු රැකියාවන් ලබාගැනීමේ සුදුසුකම් සපුරා ඇති අයට තවදුරටත් ඊට අදාල වෙබ් අඩවියේ රැදීමට සිදුවන අතර එවැනි අයට රැකියා ගිවිසුම් ලබාදීම රටවල් 16 සදහාම තවකාලිකව නවතා ඇති බවද අමාත්‍යවරයාට මේ අවස්ථාවේ දී පැහැදිලි කරන ලදී. කොරියානු රජය විසින් එක් එක් කාණ්ඩයට අදාලව ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය කොව්ඩ් අභියෝගය ජය ගැනීමට හැකිවන පරිදි නවීකරණය කර නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් දැනුම් දෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya