මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන මධ්‍යස්ථාන 32ක් තුළ 3609 දෙනෙකු නිරෝධායනය වෙයි- ශ්‍රි ලංකාවට රැගෙන එනු ලබන සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත

    අප්‍රේල් 29, 2020

    ඉන්දියාවේ නවදිල්ලි හි සිට ශ්‍රි ලංකන් ගුවන් යානාවක් මගින් ශ්‍රි ලංකාවට රැගෙන එනු ලබන සියලු දෙනා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායන සඳහා යොමු කිරිමට නියමිත ඇත.

    අද(29) දිනයේ මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නීරෝධාන මධ්‍යස්ථාන හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධානය මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 4659 දෙනෙක් තම නිරෝධායන කටයුතු අවසන් වී නිවෙස් බලා ගොස් තිබේ.

    නාරාහේන්පිට ප්‍රදේශය කොයිඩ් -19 ආසාදනය වු පුද්ගලයින් හමුවීමත් සමඟ ඊයේ (28) දිනයේ පුද්ගලයින් 69 දෙනෙකු දම්මින්න නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමු කර තිබේ.නාවික හමුදාවේ ආසාදිත රණවිරුවන්ගේ ළඟින් ම ඇසුරු කළ අයවලුන් 184 දෙනෙක් පොම්පේ මඩු නිරෝධායන මධ්‍යස්ථානය රැගෙන යනු ලැබිණි.

    ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 32ක් තුළ අද (29) දින 3609 දෙනෙකු නිරෝධායනය වෙමින් පවතින බවද සඳහන් කළ යුදහමුදාපතිවරයා, අද(29) ශ්‍රි ලංකා නාවික හමුදාවේ විරෝධාර රණවිරුවන් 3දෙනෙකු ආසාදනය වී ඇති බැවින් මේ අනුව වැලිසර නාවිකයන් හමුදා කදවුර තුළ අද (29) කොයිඩ් -19 ආසාදිතයින් 147 හා කදවුරෙන් පිටත නිවාඩු මත සිටිය දී ආසාදනයට ලක් වු වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 79 ඇතුලුව 226 ක් බවද පැවසීය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya