මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදත් පළාත් හා දිස්ත්‍රික්ක කීපයකට ගිගුරුම් සහිත වැසි

    අප්‍රේල් 24, 2020

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහඋතුරු මැද පළාත්වලත් මන්නාරමසහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලටමි.මී.100ක පමණතරමක තද වර්ෂාපතනයන්ද ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

    සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya