අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය ඉහළට

    අප්‍රේල් 01, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි.


    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කෙරිණි. බැංකුව වෙත කෙරුණු රුපියල් මිලියන 9.5 ක ඝෘජු තැන්පත් කිරීම් සහ ජනාධිපති ලේකම් කාර්යාලය පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ 05 ක් සමගින්  (31) පෙ.ව 8.00 වන විට රුපියල් මිලියන 145ක් අරමුදල වෙත බැර වි තිබිණ.


    මහජන බැංකුවේ මූල්‍ය කළමනාකරණ ගිණුම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 10ක්, මහජන බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමය රුපියල් මිලියන 03ක්, පීපල් ලීසිං, ලීට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලංකා බැංකුව රුපියල් මිලියන 05 බැගින් ද ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් මිලියන 08ක් සහ අක්බාර් බ්‍රදසර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 50 සමගින් තැන්පතුවේ ශේෂය රුපියල් මිලියන 242 දක්වා ඉහළ ගොස් තිබිණ.


    ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දෙස් විදෙස් ඕනෑම අයෙකුට පරිත්‍යාග හෝ ඝෘජු තැන්පත් කිරීම් හෝ සිදු කල හැක. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් ද මුදල් තැන්පත් කිරීමට පිළිවන.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya