අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියොන් දේවස්ථානයේ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    මාර්තු 30, 2020

    සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙය වූ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක - පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා විසින් ඊයේ (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියේය.

     

    විශාල පිරිසක් මරණයට පත් වූ සහ තවත් පිරිසක් තුවාල ලැබූ 2019 මාර්තු මස 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරයට අප්‍රේල් 21 වන දිනට අවුරුද්දක් සපිරේ. ඒ සම්බන්ධව මේ වන විට විමර්ශන  අඩපණ වී ඇති බවට ඇතැමුන් චෝදනා කරනු ලබන නමුත් ජනාධිපති තුමාගේ නියමයෙන් මේ වන විට සාර්ථක අන්දමින් විමර්ශන පවත්වාගෙන යනු ලබන බවත්, විමර්ශන සක්‍රිය ලෙස සිදු  කිරීමට සහ විමර්ශන නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාවය පිලිබඳ සොයා බලා ඒ පිළිබඳව කටයුතු කිරීමට වර්තමාන වැඩබලන ජනාධිපතිතුන් විසින් වැඩබලන පොලිස්පතිතුමා හට උපදෙස් ලබා දී  ඇති බවත්, හැකි ඉක්මණින් විමර්ශන කටයුතු අවසන් කර සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්,පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.

    පාස්කු ප්‍රහාරයට ගොදුරු වූවන්ට යුක්තිය ඉටු කිරීමට, කඩිනමින් විමර්ශන පවත්වන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය  පොලිස්පති තුමාට උපදෙස් ලබා දී ඇති අතර, එකී විමර්ශන කණ්ඩායම් වල යම් යම් වෙනස් කම් ද සිදු කරනු ලැබ ඇත.

    අඩුපාඩු නිවැරදි කරගනිමින්, ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය තවදුරටත් කරගෙන යනු බවත්, ඒ අනුව, අද (29) දිනයේ දී සියොන් දේවස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ  බෝම්බකරුව මෙහෙය වූ ප්‍රධාන සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාලිය සේනාරත්න මහතා මෙහි දී නිවේදනය කර සිටියේය.

    එමෙන්ම මොහු විසින් කොච්ච්චිකඩේ දේවස්ථානයේ ප්‍රහාරය ද මෙහෙය වූ බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත්, ඒ අනුව සැකකරුවන් 31 දෙනකු රඳවාගෙන සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ සැකකරුවන් 60 දෙනකු රඳවාගෙන විමර්ශන කටයුතු සිදු කරනු ලබන බවත්, දුරකථන විශ්ලේෂණ වාර්තා, ආගිය ගමන් බිමන්, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ප්‍රකාශ ආදිය මඟින් ඉදිරියටත් පවත්වාගෙන යනු ලබන බවටත් මෙහි දී අනාවරණය කරනු ලැබීය.


    ඒ අනුව, පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ විවිධ පැතිකඩයන් ඔස්සේ විහිදෙමින් දැනට ඉතා වැදගත් තොරතුරු ගණනාවක් අනාවරණය කර ගැනීමට හැකි ව ඇති බවත්, පසුගිය කාලයේ එල්ල වූ චෝදනා වල සත්‍යතාවයක් ඇති බවටත් අනාවරණය වී ඇති බවත්, මෙම ප්‍රහාරය මෙහෙය වූ විමර්ශන නිළධාරීන් සම්බන්ධව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සම්බන්ධව හිතාමතා තොරතුරු, සාක්ෂි වසන් කිරිමට තැත් කළේ ද යන්න සහ විෂමාචාර සිදු කරමින් රාජකාරිය පැහැර හැර ඇති ද යන් පිළිබඳව සොයා බැලීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ වෙනමම විමර්ශනයක් සිදු කිරීම සඳහා වත්මන් වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර ඇති බවත් ප්‍රකාශ කර සිටියේය.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya