අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඳිරිනීතිය උල්ලංඝණය කර අත්අඩංගුවට පත් පිරිස 6,247 ක් - සියල්ලටම අධිකරණයේ නඩු- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    මාර්තු 29, 2020

    අද (29) දහවල් 12.00 වන විට ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 206 ක් අත්අඩංගුවට පත්ව ඇති අතර වාහන 56 ක් භාරයට ගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොලීසිය මඟින් රටේ පවතින නිරෝධායන රෙගුලාසි වලට අනුගත වෙමින් මෙම අයවලුන් හට නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද (29) පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියේය.

    එමෙන්ම භාරයට ගත් වාහන කිසිවක් පවත්නා තත්ත්වය පහව යන තුරු මුදා නොහරින බවත්, ඒ අනුව ඇඳිරිනීතිය පැනවීමෙන් පසු ඇඳිරිනීතිය උල්ලංඝණය කර අත්අඩංගුවට පත් වූ මුළු පිරිස 6,247 ක් බවත්, මොවුන් සියල්ලටම අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවටත්, ජාලිය සේනාරත්න මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya