මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එදිනෙදා භාවිතා කරන රුපලාවන්‍ය පිළිබඳව හොඳින් දැනුවත් වෙන්න - වෛද්‍ය ඉන්දිරා කහවිට

    පෙබරවාරි 21, 2020

    ප්ලාස්ටික්, රුපලාවන්‍ය ආලේපන සහ ක්ෂණික කෑම විහින් නැහෙමු ද? දනුවත් වෙමු ද? යන මැයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මඟින් මෙහෙයවන සම්මන්ත්‍රණය සහ මධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන (20) ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    එහි දී ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ පිළිකා අවදානම පිළිබඳව මෙහි දී සාකච්ඡාවට බඳුන් වීය. ඒ පිළිබඳව මාධ්‍ය සම්මන්ත්‍රණයට එක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ වෛද්‍ය විද්‍යා පිඨයේ සායනික ප්‍රවේණි රෝග පිලිබඳ වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා කියා සිටියේ ඕනෑම ප්ලාස්ටික් කැබැල්ලක් හෝ කෙන්දක් 5mm වලට වඩා අඩු නම් මයික්‍රෝ ප්ලාස්ටික් වන බවයි. එමෙන්ම,මෙම මයික්‍රෝ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කරන්නේ මුළු ලෝකයෙන්ම 9.5% ක් බවත්, 90.5% ක් ම පළමු භාවිතයෙන් (වතුර/සිසිල් බිම බෝතල්) හෝ කිහිපවරක් (කාබන් පෑන්) භාවිතා කිරීමෙන් පසු ඉවත් කරන බවත්, එයිනුත් 12% පමණ පුළුස්සා දමන බවත් මෙහි දි සඳහන් වීය.


    මිනිසා විසින් පරිසරයට මුදා හරින ප්ලාස්ටික් නැවත පරිසරය විසින්ම මිනිසාට ලබා දෙමින් සිටින බව මෙහි දී වෛද්‍යවරයා කියා සිටි අතර මිනිසා විසින් දෛනිකව මයික්‍රෝප්ලාස්ටික් ආහාරයට ගනු ලබන බවත් එය එනම් සතියකට ක්‍රෙඩිට් කාඩ් එකක මයික්‍රෝප්ලාස්ටික් නොදැනුවත්වම ආහාරයට ගනු ලබන බව පර්යේෂණ වලින්  සනාථ කරගෙන තිබෙන බව වෛද්‍ය සජිත් එදිරිසිංහ මෙහි දී කියා සිටියේය. එමෙන්ම මයික්‍රෝප්ලාස්ටික් පිළිකා සෑදීමේ අවදානම ඉතාමත්ම ඉහළ බවත් ඒ මහතා මෙහි දී අවධාරණය කර සිටියේය.


    වර්තමානයේ ආහාර වල ගුණාත්මක භාවය පසෙක ලා එහි තත්ත්වය ඉස්මතු කිරීම සඳහා විවිධ රසායනික දේ අහාර වලට එකතු කරනු ලබයි. මෙම එකතු කරන රසායනික ද්‍රව්‍ය අහාර වලට යේදීමෙන් විවිධ සෞඛ්‍යමය ගැටළු ඇති වන බවත්, එකී අහාර වලට යෙදෙන රසායනික දේ සම්බන්ධයෙන් විවිධ තත්ත්ව ප්‍රමිතීන් දක්නට ලැබුන ද එකී රසායනික ද්‍රවයන් කිසිසේත්ම සෞඛ්‍යට හිතකර නොවන බවත්, ඉන් විවිධ පිළිකාමය තත්ත්වයන් ඇති වීම සුලභව දක්නට ලැබෙන බවත් ජාතික ක්‍ෂයරෝග නිවාරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ හා හිටපු පාරිසරික හා වෘත්තිමය නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙම සම්මන්ත්‍රණය අමතමින් කියා සිටියේය.


    එමෙන්ම, රුපලාවන්‍ය ආලේපන පිළිබඳව පවතින වාරණයන් සහ සායනික මතය පිළිබඳව ද මෙහි දී දැනුවත් කෙරිණි. එහි දී රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පවසා සිටියේ මෙරටට ගෙන්වන ලද රුපලාවන්‍ය භාණ්ඩ සියල්ල නියාමනය සඳහා පනතක් ඇති බවත්, එකී පනත නැවත සක්‍රිය කිරීමට කටයුතු කරන බවත්ය. එමඟින් මිනිස් ශරීරයට නුසුදුසු රුපලාවන්‍ය භාවිතය අවම කිරීමටත් නිත්‍යානුකුල නොවන ආකාරයෙන් ගෙන්වන ලද රුපලාවන්‍ය භාණ්ඩ නියාමනයටත් ඉන් හැකි වනු ඇතැයි ද ඒ මහත්මිය වැඩි දුරටත් කියා සිටියාය.


    හෝමාගම මූලික රෝහලේ චර්ම රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය මෙහි දී රුපලාවන්‍ය අලෙපනයන්ගේ ගුණ අගුණ පිලිබඳ ව සාකච්ඡා කෙරිණි. එහි දී ඒ මහත්මිය කියා සිටියේ ඕනෑම කෙනකු තමන් භාවිත කරන රුපලාවන්‍ය නිෂ්පාදන වල තත්ත්වය පිළිබඳව නිශ්චිත අවබෝධයක් ට්පවතිය යුතු බවටයි. එමෙන්ම, නුසුදුසු රුපලාවන්‍ය නිෂ්පාදන තුළින් විවිධ රසායනික සංකුලතාවයන් ශරීරයට ඇතිවිය හැකි බැවින් ඉන් මිදීම සඳහා අඩුම වශයෙන් තමන් භාවිත කරන නිෂ්පනයන්ගේ නාමය තත්ත්වය ආදිය පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය බවත් කිසිඳු රුපලාවන්‍ය නිෂ්පාදනයක් සියයට සියයක්ම හොඳ හෝ නරක ලෙස ගත නොහැකි බවටත් මෙහි දී සඳහන් කර සිටියාය.
    මෙම විද්වත් සම්මන්ත්‍රණය සඳහා වෛද්‍යවරුන්, වෛද්‍ය වෘත්තිකයින්, ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya