අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම පළාත් පාලන ආයතනයකම වෙනම නඩත්තු ඒකකයක් ස්ථාපිත කිරීමට සැලසුම්

    පෙබරවාරි 21, 2020

    සෑම පළාත් පාලන ආයතනයකම වෙනම නඩත්තු ඒකකය බැගින් ස්ථිපිත කිරීමට යෝජනා කර ඇති බවත්, මෙ තුලින් විශාල මුදලක් වියදම කර නිමකරනු ලබන මාර්ග හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යාමේ හැකියාව පළාත් පාලන ආයතන වලට හිමි වන බවත්, රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව පැවසුවේ පළාත් සභා හා පළාත් පාලන අංශය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් පළාත් පාලන අයාතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති උත්සවයකදීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ගිනි නිවීමේ ඒකක විශාල ප්‍රමානයක් ආරම්භ කිරීමට පියවර ගන්නා අතර මේ සඳහා අවශ්‍ය වන රථ වාහන නුදුරේදීම මිළදී ගැනීමට අපි පියවර ගන්නා බවයි.

    මෙම වැඩසටහන තුළ ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ,ද්විතීක නගර සංවර්ධන ව්‍යාපෘතිය, පුරනැගුම ව්‍යපෘතිය, ඝන අපද්‍රව්‍ය කළමණාකරන ව්‍යාපෘතිය ආදී අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලදි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya