අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයට සහ ජනාධිපතිතුමන්ට සෙත්පතා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් වෙත ලේ දන්දීමේ වැඩසටහනක්

    පෙබරවාරි 20, 2020

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා ලේ දන් දීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා බෙහෙත් ද්‍රව්‍ය ලබාදීමට පරිත්‍යාගශීලීන් විසින් මූල්‍ය ආධාර ද මෙහි දී පිරිනැමිණි.

     අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට ආශිර්වාද පැතීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

     මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වූ අතර, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද, අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද, අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා ද ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක් ව සිටියහ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya