අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උමාඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම කඩිනම් කෙරේ

    පෙබරවාරි 17, 2020

    උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා බැලීම සඳහා විශේෂ රැස්වීමක් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී (15)දින පැවැත්විණි.

    උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී පීඩාවට පත්වූවන් සහන සැලසීම පිළිබඳව හා එහි ගැටළු සම්බන්ධව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර පීඩාවට පත්වූ ජනතාවට කඩිනමින් සහන සැලසීමටත් ඉඩම් වන්දි ලබාදීම කඩිනම් කිරීමටත් තීරණය කරන ලදි.

    බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහාතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ඇතුළු රජයේ නිලධාරීන් සහ උමා ඔය ව්‍යාපෘතියට අදාළ පාර්ශවයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya