අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටවල් 48කින් පැමිණෙන සංචාරකයින් වෙත නිදහස් වීසා නිකුත් කිරීම මාස 03ක කාල සීමාවක් සඳහා දිර්ඝ කෙරේ

    පෙබරවාරි 13, 2020

    රටවල් 48කින් පැමිණෙන සංචාරකයින් වෙත නිදහස් වීසා නිකුත් කිරීම නැවත 2020 පෙබරවාරි 01 සිට 2020 අප්‍රේල් 30 දින දක්වා තවත් මාස 03 ක කාල සීමාවක් සඳහා දිර්ඝ කිරිම සඳහා කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

    ඒ අනුව මිට පෙර රටවල් 48කින් ශ්‍රිලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා නිදහස් විසා නිකුත් කිරීමේ වැඩසටහන 2019 අගොස්තු 01 දා සිට මාස 06ක කාලසීමාවක් සඳහා ක්‍රියාත්මක කිරීම පිනිස 2019 ජුලී 30 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබි තිබිණි.

    ඒ කාලපරිච්ඡේදය තුළ මෙකී රටවල්වලින් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් සිදු ව ඇති බව නිරික්ෂණය විම හේතවෙන් මෙම නිදහස් විස නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබා දි ඇති බව අද (13) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවසීය.

    සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya