අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් - අමාත්‍ය මහින්ද අමරවීර

    ජනවාරි 28, 2020

    රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රධාන බාධාවක් වූ මාර්ග තදබදන නිසා විශාල ඉන්ධන ප්‍රමාණයක්, මුදල් ප්‍රමාණයක් සහ කාලය නාස්ති වෙන බවත් ඉදිරියේදී පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් විදුලිබල හා බල ශක්ති සහ මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

    මාර්ග අනතුරු නිසා දිනකට ශ්‍රී ලංකාවේ මරණ 7ක් හෝ 8ක් වාර්තා වන බවත් මෙය යුද්ධයේදී මිය ගිය පිරිසටත් වඩා වැඩි බවත් සඳහන් කල අමාත්‍යවරයා විදේශීය තාක්ෂණය යොදා ගනිමින් ප්‍රවාහන ක්ෂ්‍රේත්‍රය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවද සඳහන් කර සිටියේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආර්ථික කටයුතු හා බලශක්ති පිලිබඳ ජර්මානු ෆෙඩරල් අමාත්‍යංශය සංවිධානය කර තිබූ තිරසාර සංචාලතාව නමින් අද(28) කොළඹ පැවති ජර්මානු - ශ්‍රී ලංකා සමුළුවට එක්වෙමිණි.

    ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කටයුතු කරමින් වායු දූෂණය අවම කරමින් පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක් ගොඩ නැගීමටද මෝටර් රථ දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව,ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය යන සියළු ආයතන එක්ව කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ජෝර්න් රෝඩ්, ආර්ථික කටයුතු හා බලශක්ති පිලිබඳ ජර්මානු ෆෙඩරල් අමාත්‍යංශයේ සංචලතා සංකල්ප හා ප්‍රවාහන ප්‍රතිපත්ති ඒකකයේ ප්‍රධානී ආචාර්ය හෙසල්මන් , ජර්මානු කර්මාන්ත හා වාණිජ ප්‍රධාන නියෝජිත ඇන්ඩ්රියාස් හර්ගන්රොදර් යන මහත්වරු සහ දේශපාලනික සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විද්වතුන් 100ක් පමණ මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya