අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සංචාරක ක්ෂේත්‍රයේ අලුත් ප්‍රවණතා හඳුනාගත යුතුයි

    ජනවාරි 28, 2020

    මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව ලෙස බෙදී වෙන්වී රටට වැඩ කළ නොහැකි බව කාර්මික අපනයන, අයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ''එක රටක් එක ප්‍රතිපත්තියක් හා එක වැඩපිළිවෙලක්'' යන සංකල්පය රට තුළ ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බවයි.

    සංචාරක සංවර්ධන ජාතික සැලැස්ම සැකසිමේ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. පළාත් ආණ්ඩුකාරවරුන්ගේ ද සහභාගීත්වයෙන් සමුළුව පසුගිය සිකුරාදා ) කොළඹ
    සංචාරක හෝටල් කළමණාකරන අභ්‍යාස ආයතනයේ දී පැවැත්විණ.

    මෙහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය. ''සංචාරක විෂය බෙදුණ විෂයයක්. මධ්‍යම ආණ්ඩුවට වගේම පළාත් සභාවටත් මේ විෂය පැවරිලා තියෙනවා. මේ පාර්ශව දෙක කටයුතු කරන්නේ දෙයාකාරයකටයි. මේ නිසා සංචාරක කර්මාන්තය වගේම වෙනත් විෂයයන් වලත් විවිධ පරස්පරතා පවතිනවා. මම හිටපු මහා ඇමතිවරයෙක්. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර පවතින පුංචි පුංචි මත ගැටුම් ගැන මා හොදට දන්නවා.

    අපි හැමෝගෙම අරමුණ රටට යහපතක් කරන එක. හිටපු ආණ්ඩුව වගේ රට විනාශ වෙද්දි අහක බලන් ඉදිමේ පුරුද්දක් අපිට නෑ. පාස්කු ප්‍රහාරයත් එක්ක මේ රටේ සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. සංචාරක ව්‍යාපාරය විතරක් නෙමෙයි, තව බොහෝ දේ කඩා වැටුණා. අපි දැන් උත්සාහ කරන්නේ පාස්කු ප්‍රහාරය නිසා වගේම පසුගිය රජයේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසා කඩා වැටුණ අපේ සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත් කර පත් කරන්නයි. ඒ වෙනුවෙන් අපේ ජනාධිපතිතුමා අපට ඉලක්කයක් ලබා දී තිබෙනවා. ඒ 2025 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 10ට අපේ සංචාරක ආදායම ඉහළ දැමීම. අපි මේ ජාතික සමුළුව හරහා සිදු කරන්නේ ඒ ඉලක්කය සපුරාලීමේ මුල් පියවර තැබීමයි.


    මේ සකස් කරන ජාතික ක්‍රීයාකාරී සැලැස්ම තමයි අපේ සංචාරක කර්මාන්තය නංවාලීමේ අත්පොත විය යුත්තේ. අපි ලෝක සංචාරක ක්ෂේත්‍රයේ අලුත් ප්‍රවණතාවයත් හදුනා ගත යුතුයි. ඒ අලුත් ප්‍රවණතාවයන් අපේ සංස්කෘතියට, සදාචාරයට ගැලපෙන ලෙස සකස් කර ගත යුතුයි. ඒ සදහායි අපි මේ ජාතික සමුළුව කැදවනු ලැබුවේ මේ සමුළුව හරහා හදුනාගනු ලබන සංචාරක සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබා දෙනවා.

    මෙරටට පැමිණෙන සංචාරකයන් විවධ අතවරයන්ට ලක් වූ බවට අපට සමහර වෙලාවට තොරතුරු ලැබෙනවා. රටපුරා සංචාරක කලාප ආශ්‍රිතව විවිධ මාෆියාවන් ක්‍රියාත්මක වන බවටත් අපිට තොරතුරු ලැබිලා තියෙනවා. අපි එක් ව කටයුතු කළහොත් මේ ඕනෑම මාෆියාවක් පරාජය කළ හැකියි. සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සදහා අපට හැකියාව, සම්පත් තියෙනවා යැ‘යි අපි නිතර කියන කථාවක්. නමුත් හැකියාව සම්පත් තියෙන බව කීම පමණක් ප්‍රමාණවත් නෑ. කථා කර කර ඉදීමෙන් පමණක් රටක් සංවර්ධනය කරන්න බෑ. ඒ නිසා ඒ සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. ඒ ඒ අනුව සුදුසු ව්‍යාපෘති හදුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි. අපි මේ සමුළුව කැදවුයේ ඒ අරමුණ ඇතිවයි.


    ගෝඨාභය රාජපක්ෂ - මහින්ද රාජපක්ෂ සුසංයෝගයෙන් සමන්විත ආණ්ඩුව කථා කර කර ඉන්න ආණ්ඩුවක් නොවන බව මතක තබා ගන්න. මේ ආණ්ඩුව වැඩ කරන ආණ්ඩුවක්. ඒ සදහා අපි සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි".

    සංචාරක ප්‍රවර්දන රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, උතුරු මැද ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ, ඌව ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන්ද මෙහි දී අදහස් දැක්වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya