අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි සති දෙක තුළ එළවළු මිල පහතට - අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා

    ජනවාරි 21, 2020

    දිවයින පුරා පැවති අධික වර්ෂාපතනය නිසා ගොවිබිම් වලට හානි සිදුවීම හේතුවෙන් වෙළඳපොළ එළවළු මිළ ගණන් ඉහළ ගොස් ඇති නමුදු ඉදිරි සති දෙක තුළ මෙම මිළ ගණන් පහත බසින්නේ යැයි අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව පැවසුවේ අද(21) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි. කාලගුණ විපර්යාසත් සමග එළවළු මිළ ගණන් ඉහළ යාම සාමාන්‍ය තත්වයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ දත්ත වලට අනුව සෑම වසරකම දෙසැම්බර් සහ ජනවාරි මාස වලදී එළවළු මිළ ගණන් ඉහළ යාම සාමාන්‍ය තත්වයක් බව පෙන්වා දුන්නේය. මීට පිළියමක් ලෙස Greenhouses වැනි නව තාක්ෂණික ක්‍රම භාවිතා කලද නිෂ්පාදන පිරිවැය ඉහළ යන නිසා එවැනි උපක්‍රමද භාවිතා කල නොහැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    ලංකාවේ වසරකට සහල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 24ක් පමණ වන අතර වැඩිපුරම පරිභෝජනය කරන්නේ තම්බපු නාඩු සහල් වන අතර එම පරිභෝජනය 80% ක් පමණ බවත් සම්බ සහල් පරිභෝජනය 18% ක් පමණ වේ. ඇතැම් සහල්වල වෙළඳපල හිගයක් පෙන්නුම් කල හෙයින් සහල් වල උපරිම සිල්ලර මිලක් නියම කල බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා නාඩු සහල් පරිභෝජනය වැඩි වීම නිසා නාඩු සහල් නිෂ්පාදනයේ වෙළඳ පළට පැමිණිමේ අඩුවක් වාර්තා වූ බවත් සම්බා සහ කීරි සම්බා ප්‍රමාණවත් පරිදි පවතින බවත් තවද කීරි සම්බා මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බවත් පෙන්වා දුන්නේය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අතරමැදියන්ගේ ක්‍රියා කළාපය නිසා සහල් මිළ ගණන් ඉහළ යන යි. මේ පිළිබඳව නිරීක්ෂණය කල පාරිභෝගික අධිකාරිය පසුගිය මාසයේ කඩවල්42,000ක් පමණ නිරීක්ෂණය කල බවත් ඉන් කඩවල් 860කට පමණ විරුද්ධව නඩු ක්‍රියාමාර්ග ගෙන තිබේ.

     

    තවද සතොස වෙළඳසැල් ජාලයේ මෙම භාණ්ඩ අඩු මිලට ලබා ගත හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේදී ලංකා සතොස ආයතනය තොග ‍වෙළඳ පොළට ප්‍රවිෂ්ඨ වීමටද බලාපොරොත්තු වන බව පැවසීය.

    කිලිනොච්චිය, අම්පාර, මඩකලපුව වැනි දිස්ත්‍රික්ක වල ගොයම් කැපෙන අතර ඉදිරියේදී විශාල වශයෙන් එම වී තොග වෙළඳ පොළට පැමිණෙයි.ඒ අතුරින් වියලන ලද, නියමිත බර සහිත වී තොග සීමිත ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයෙන් මිලදී ගන්නා බවද සඳහන් කළේය.

    පසුගිය වසර වල ගොයම් කපන්න මාසයක් තිබියදී පවා සහල් තොග පිටරටින් ගෙන ඒම නිසා විශාල වශයෙන් පාඩු සිදු වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙවර මහ කන්නයේ අපේක්ෂිත අස්වැන්න මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 30ක් පමණ වේ යැයි උපකල්පනය කරන අතර ඒ තුළින් ලංකාවේ සහල් අවශ්‍යතාවයෙන් මාස 09ක් පමණ සපුරා ගත හැකි වේ යැයි බලාපොරොත්තු වන බවද වැඩිදුටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ කෘෂි ආර්ථික විශේෂඥ දුමින්ද ප්‍රියදර්ශන මහතා, අභ්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බාලසූරිය මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya