අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කර පවතිනවා - ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    ජනවාරි 21, 2020

    රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා දැනටමත් සැලසුම් සකස් කර පවතින බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න මහතා අද (21)  පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, උපාධිධාරීන් රැකියා ගැන්වීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු
    ලබාදෙමිනි.

    සංවර්ධන නිලධාරී සේව ව්‍යවස්ථාව යටතේ බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බවත් විශ්‍රාම වැටුපේ කිසිදු ගැටළුවක් ඇති නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    එමෙන් ම උපාධිධරීන්ගේ සේවය ඵලදායි ලෙස ලබාගැනීමට අදළ සැලසුම් සකස් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය. උසස් පෙළ සමත් අය සඳහා රැකියා ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවද කී රාජ්‍ය අමාත්‍යවරයා, සාමාන්‍ය පෙල සමත් ලක්ෂයකට රජයේ රැකියා ලබාදීම සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya