අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාලක කලුවැව මහතා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පූර්ණ කාලීනව පත්කෙරේ

    ජනවාරි 14, 2020

    මෙතෙක් ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ, එසේම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැඩ බැලීමට පත් කර සිටි නාලක කලුවැව මහතා ජනවාරී 01 වැනි දින සිට පූර්ණ කාලීනව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත් කිරීමට 2020.01.08 වැනි දින රැස් වූ අමාත්‍ය මණ්ඩල තීරණය කර ඇත.

    මීට අදාළ පත්වීම් ලිපිය අමාත්‍ය මණ්ඩල ලේකම් එස් අමරසේකර මහතා විසින් නාලක කලුවැව මහතා වෙත ලබාදීම 2020.01.13 වැනිදින අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

    නාලක කලුවැව මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ  පළමු (i) පන්තියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ ද වසර 10ක පමණ කාලයක් විවිධ තනතුරු දරා ඇති අත්දැකීම් සහිත නිලධාරියෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya