අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝට්ටු හා නැව් තැනීමේ කර්මාන්තය සදහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට පියවර

    ජනවාරි 10, 2020

    බෝට්ටු හා නැව් තැනීමේ කර්මාන්තය සදහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට රජය ඉදිරිපත් වෙයි. ඒ සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

    බෝට්ටු හා නැව් තැනීමේ කර්මාන්තයේ නිරත ආයෝජකයන්, ව්‍යාපාරිකයන් සමග පසුගිය දා පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා මේ බව සදහන් කළේය.

    මේ වන විට බෝට්ටු තටාංගන 20 ත් 25 ත් අතර සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. එම තටාංගන වලින් 10 ක් පමණ මධ්‍ය හා විශාල පරිමාණයේ නිෂ්පාදන පහසුකම් ඇති බෝට්ටු තටාංගන වේ. සුවපහසු බෝට්ටු , සුඛෝපභෝගි යාත්‍රා තනි පුද්ගලයෙකුට පැදවිය හැකි ඔරු හබල් බෝට්ටු ධීවර යාත්‍රා සහ බෝට්ටු , නාවික හා වෙරළ සංරක්ෂණ යාත්‍රා වැනි බෝට්ටු මෙරට නිෂ්පාදනය කෙරෙන අතර මෙරට ප්‍රධාන අපයනය වෙළදපොල වන්නේ සිංගප්පුරුව, ඉන්දියාව, මාලදිවයින හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බව මෙහි දි අනාවරණය විය.


    තමන් මුහුණ පාඇති ප්‍රධාන ගැටළුවක් බවට පත්ව ඇත්තේ මේ සදහා අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිවීම බව බෝට්ටු නිෂ්පාදකයෝ මෙහිදි ඇමතිවරයාට පෙන්වා දුන්හ. යාත්‍රා සැකසීමෙන් පසු අත්හදා බැලීමට, මුහුදට මුදා හැරීමට හැකි පිවිසුම් බට හා යාත්‍රා අලුත්වැඩියාවට අවශ්‍ය තටාංගන නොමැති වීම මෙම නිෂ්පාදකයන් මුහුණ පා තිබෙන ප්‍රධාන ගැටළු වලින් කීපයකි.

    මෙම බෝට්ටු නිෂ්පාදකයන් සදහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම සදහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතාට මෙහිදි උපදෙස් දුන්නේය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya