අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යාපාර බිඳ වැටී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට රජයේ සහන රැසක්

    ජනවාරි 09, 2020

    ආර්ථිකය බිඳ වැටීමෙන් පිඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහන රැසක් ලබා දීමට රජය පියවර ගෙන ඇතැයි සංවර්ධන බැංකු හා ණය රාජ්‍ය ඇමති,ශෙහාන් සේමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ අද (09) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

     

    ඇමතිවරයා මෙහිදී සඳහන් කළ අන්දමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් ලබා ගෙන ආපසු නොගෙවීම නිසා අක්‍රීය වී ඇති ණයවලින් ඒ වන විට 50%ක් ගෙවා තිබේ නම් ඉතිරි මුදල කපා හැරේ.

    එසේ ම ඔවුන්ගෙන් දඩ පොළී අය කිරිමක් සිදු නොකෙරේ.

    දැනට ණය ලබා ගෙන ණය ගෙවමින් සිටින සක්‍රීය ණය හිමියන්ගේ වාරික කිහිපයක් පැහැර හැර ඇති ණය වාරික සඳහා වු දඩ පොළිය ද කපා හරිනු ලබන අතර එහි බර පැන අදාළ බැංකුව විසින් දරා ගනු ඇතැයි ද රාජ්‍ය ඇමති සේමසිංහ මහතා පැවසීය.

    එසේ ම දැනට ණය ගෙවාගෙන යන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීම සඳහා රුපියල් මිලියන 300ක උපරීමයකට යටත් ව වසරක සහන කාලයක් ද සහිතව වසර 5කින් ආපසු ගෙවීම සඳහා තවත් ණය මුදලක් ලබා දීමට ද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (09) පැවැති රැස් විමක දි තීරණය වු බවද සේමසිංහ මහතා කීය.

    මෙම ණය සඳහා 9% - 9.5% වැනි අඩු පොළියක් අය කරන බව මෙම මාධ්‍ය හමුවට එක් වු මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පැවසීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya