අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා ජනමාධ්‍යවේදීන් දැනුවත් කෙරේ

    ජනවාරි 08, 2020

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අනුග්‍රහය යටතේ, 2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වන ජාතික අධිකාරියේ කාර්යභාරය සහ එම අධිකාරිය මඟින් ලබා දෙන සේවාවන් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (09) පෙරවරු 8.45 ට බත්තරමුල්ල Waters Edge හෝටලයේ Eagle උත්සව ශාලාවේ දී පැවැත්වේ.

    මෙහි දී තාක්ෂණික සැසිවාරයක් පැවැත්වෙන අතර එමඟින් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වන අන්තර්ජාතික ප්‍රමිතිකරණය, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ කාර්තව්‍යය සහ කාර්යයභාරය පැහැදිලි කිරීම, ශ්‍රී ලංකාවේ අපරාධයකට ගොදුරුවූවන් සහ සාක්ෂිකරුවන් සම්බන්ධ සමාජ විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීම (සිද්ධි අධ්‍යයන ඇතුළුව), ළමා වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ මනෝවිද්‍යාත්මක පැතිකඩ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ආදී වැදගත් කරුණු පිළිබඳව ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදු කෙරේ.

    අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්, ජේ.ජේ. රත්නසිරි, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ සභාපති, හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුහද කේ.ගම්ලත් සහ අධ්‍යක්ෂ ජනරාල් උදයකුමාර අමරසිංහ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික විශේෂඥ, නීතීඥ චන්ද්‍රිකා කරුණාරත්න, සහ උපදේශක අධිකරණ වෛද්‍ය මනෝචිකිත්සක වෛද්‍ය නීල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම තාක්ෂණික සැසිය පැවැත්වීමට නියමිතයි.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහනේ මාධ්‍ය සම්බන්ධීකරණය සිදු කරයි.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya