අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැඟෙනහිර ආණ්ඩුකාරවරිය මූතූර් රෝහලේ නිරීක්ෂණයක

    ජනවාරි 06, 2020

    නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මුතූර් රෝහලේ නිරීක්ෂන චාරිකාවකට එක්විය.

    පළාත් ආණ්ඩුකාරවරයෙකු එම රෝහලේ එවැනි චාරිකාවකට එක්වුනු පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

    එහිදී ආණ්ඩුකාරවරිය රෝහලේ දැනට පවතින අඩුපාඩුකම් පිළිබඳව රෝහල් බලධාරීන් සමග සාකච්ඡා කළ අතර මධම රජය සමග සාකච්ඡා කර කඩිනමින් එම අඩුපාඩු සකසා දෙන බව කීවාය.

    අනතුරුව ආණ්ඩුකාරවරිය එම රෝහලේ වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් සොයා බැලීමටද එක්වූවාය.

    එහිදී ඇය රෝහල් බලධාරීන්ට උපදෙස් දුන්නේ ඩෙංගු රෝගය පැතිර යන ආකරයෙන් ඇති ස්ථාන කඩිනමින් පිරිසිදු කරන ලෙසය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya