අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරීමට සඳහා කැබිනට් අනුමැතිය

    ජනවාරි 04, 2020

    සියලුම ආකාරයේ නිදහස අවුරවුමින් ත්‍රස්තවාදය මැඩපැවැත්වීම වෙනුවට ත්‍රස්තවාදය සුරැකීම සඳහා සැකසුණු පනතක් ලෙස ප්‍රතිත්‍රස්ත පනත හැඳින්විය හැකි යැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉයේ (03) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

    එමෙන්ම මෙම පනත දේශීය උවමනාවන්ට වඩා අන්තර්ජාතික විවිධ බලවේගයන් වල අවශ්‍යතාවයන් මත නිර්මාණය වී ඇති බවත්, එය රටේ පැවැත්මට හානිදායක බවත් සඳහන් සිටියේය.

    1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ (තාවකාලික ප්‍රතිපාදන) පනත අහෝසි කිරීමට සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මිට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබිණි.

     


    එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ අංශික අධීක්ෂණ කමිටුව විසින් සළකා බලමින් පවතින බවත් ඒ අනුව, එම කෙටුම්පතෙහි අඩංගු ඇතැම් විධිවිධාන සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විසින් පළ කර ඇති අදහස් සැළකිල්ලට ගෙන එම පනත් කෙටුම්පත ඉල්ලා අස් කර ගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව මෙහි දී ප්‍රකාශ කර සිටියේය.


    ජාතික ආරක්ෂාව පෝෂණය කොට සුරක්ෂිත කිරීම සඳහා සියලුම ජනවර්ග රැකගැනීමටත්, ත්‍රස්තවාදය වැළක්වීමටත්, බියෙන් හා සැකයෙන් තොර සම පුරවැසියෙකුටම ජිවත් වීමේ නිදහස ලබා දීමට සැමට එක් නීතියක් ක්‍රියාත්මක වන රටක් ලෙස මෙම වර්ෂයේ දී පරිවර්තනය විය යුතු බවත් මෙහි දී කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya