අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහබැංකු බැදුම්කර සිද්ධියට සම්බන්ධ වූවන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    ජනවාරි 04, 2020

    බැඳුම්කර සිද්ධියට සම්බන්ධ වූවන් මෙරට ගෙන්වා ගැනීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරය මේ බව කියා සිටියේ, (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මහබැංකු වංචාව පිළිබඳව සොයාබැලීමට පත් කළ බැඳුම්කර කොමිසම ජනාධිපතිවරයා වෙත ලබා දුන් වාර්තාව ජනතාව අතරට නොයෑම පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් නඟන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

    එහි දී, බැඳුම්කර වංචාව පිළිබඳ ව පාර්ලිමේන්තුවේ විවාදයක් පැවති බවත්, එම විවාදය අවස්ථාවේ දී බැඳුම්කර කොමිසම මඟින් ලබා දුන් වාර්තාව දෙමළ හා අනිකුත් භාෂාවන්ට පරිවර්තනය නොවීම මත එකී විවාදය අත්හිටුවනු ලැබූ බවත්, එහෙයින් එම විවාදයේ කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන් මහජනතාව අතරට නොගිය බවත් අමාත්‍යවරයා පැවසීය.

    නව පාර්ලිමේන්තුව ඇති වීමෙන් පසු එකී වාර්තාව පිළබඳව මහජනතාවට දැනගැනීමට ඉඩ සලස්වන අතර, බැඳුම්කර සිද්ධියට සම්බන්ධිත චුදිතයන් මෙරට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවටත් සඳහන් කළේය.

    නඩු විභාග කිරීම්, දඬුවම් කිරීම් යනා දී කටයුතු කිසිවක් නවත්වා හෝ අත්හිටුවා හෝ නොමැති බවත් එය ක්‍රියාත්මකව පවතින බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya