අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ඇමතිවරුන් වගකීම් දරන්නේ නැතුව වරප්‍රසාද ලබන බවට සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා-අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න

    දෙසැම්බර් 14, 2019

    වත්මන් රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් කිසිදු වගකීමක් නොදරමින් වරප්‍රසාද භුක්ති විදින බවට නැගෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

    මෙය රාජ්‍ය අමාත්‍ය තනතුර පිලිබද අවබෝධයක් නොමැතිව කරන ලද ප්‍රකාශයක් බවයි රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා අමාත්‍යාංශයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සදහන් කළේය.

    රාජ්‍ය අමාත්‍යවරුන් කිසිදු වගකීමක් නොදරමින් වරප්‍රසාද පමණක් භුක්ති විදින බවට කරන ලද චෝදනාවකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා මේ බව පැවසීය.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා, රාජ්‍ය අමාත්‍යවරුන් තිස්අට (38) දෙනා කිසිම වගකීමක් දරන්නේ නැහැ කියලා තියෙනවා. මේක පදනමක් නැති කතාවක්. රාජ්‍ය අමාත්‍යවරුන්ට අදාළ වගකීම් සහ බලතල පවරන්නේ විෂයභාර කැබිනට් අමාත්‍යතුමා විසින්. යහපාලන රජය යටතේ මම කෙටි කාලයක් කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඒ අවස්ථාවේ රජ්‍ය අමාත්‍යවරුන්ට වගකීම් ලබා දීමට අප කටයුතු කළේ එලෙසයි. යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන්ට බලතල පැවරුවේ ටික දවසක් ගිහින්. ලබන සතියේ මේ රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයන් සහ වගකීම් අදාල අමාත්‍යාංශ මගින් ගැසට් කරනවා. යහපාලන රජයේ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබුණ වරප්‍රසාද තමයි මේ රජයේ රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ලැබෙන්නේ.


    එම්සීසී ගිවිසුම පිලිබදව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දුන් අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා,
    මේ වන විට එම්සීසී ගිවිසුම පිලිබදව මේ වන විට අධ්‍යයනය කරමින් සිටිනවා. කෙසේවෙතත් රටට අහිතකර ගිවීසුමකට රජය අත්සන් කරීමට කිසිසේත් කටයුතු නොකරන බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya