අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැඩි ඉඩක්-අමාත්‍ය ප්‍රසන්න රණතුංග

    දෙසැම්බර් 07, 2019

    සංචාරක ව්‍යාපාරය දියුණු කිරිම සඳහා නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැඩි ඉඩක් ලබා දී ඇති අතර 2020 -2025 අතර කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක් රටට ගෙන ඒමට වැඩ පිළිවෙළක් දියත් කරන බව කාර්මික අපනයනය,ආයෝජන ප්‍රවර්ධන, සංචාරක සහ ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    එසේම,සංචාරකයින් මිලියන 10කට වැඩියෙන් ලංකාවට  ගෙන්වා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බවත් ඒ ඉලක්කය සඳහා පුහුණුව ලැබු ඔබ කොටස්කරුවන් වන බව,ඊයේ(06) පැවැති සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය මඟින් පවත් වනු ලැබු ත්‍රෛමාසික සත්කාරක සේවා පුහුණු පාඨමාලා සඳහා සහතික පත්‍ර බෙදාදීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා පැවසීය.

     වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ, යුද්ධය පැවැති සමයේ දී සංචාරක ව්‍යාපාරය කඩා වැටුණු අතර ඒ හේතුවෙන් මාලදිවයින,ඉන්දියාව යනාදී අවට රටවල් සඳහා සංචාරයින් ආකර්ෂණය වුණා. 2009 යුද්ධය අවසන් විමෙන් පසුව,මෙරට සංචාරක කර්මාන්තය දියුණු විමත්,ලෝකයේ ප්‍රධාන පෙළේ සඟරා වල සංචාරය සඳහා සුදුසු රටක් ලෙසින් කර කර තිබුණා.

    2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා රජය බාරදෙන විට වසරකට සංචාරකයින් ලක්ෂ 17-18 දක්වා ඉහළ අගයක තිබුණා. පසුගිය දා සිදු වු පාස්කු ප්‍රහාරයෙන් කඩා වැටුණු සංචාරක කර්මාන්තයේ නැවත නඟා සිටුවිමට දැන් කාලය එළඔ තිබෙනවා.

    හෝටල් ක්ෂේත්‍රයේ පුහුණුව සම්බන්ධයෙන් මෙරටින් ලබන සහතිකපත ලෝකයේ ඔනෑම ආයතනයක් පිළිගන්නා බව ඇමතිවරයා කීය.එසේ ම මේ සම්බන්ධයෙන් පුහුණුව ලබන ප්‍රමාණය වැඩි කරන බවත් ඇමැතිවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya