අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සනීපාරක්ෂාව හා සෞඛ්‍යය පිළිබඳ කලාපීය වේගවත් ක්‍රියාකාරි ඉගෙනීම'' වැඩමුළුව කොළඹ දී

    දෙසැම්බර් 06, 2019

    සනීපාරක්ෂාව පිළිබඳ කලාපීය මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ''සනීපාරක්ෂාව හා සෞඛ්‍යය පිළිබඳ කලාපීය වේගවත් ක්‍රියාකාරි ඉගෙනීම වැඩමුළුව''   දෙසැම්බර් 09 වන දින සිට 11 දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

    දකුණු ආසියානු කලාපයේ රටවල් විසින් සනීපාරක්ෂාව සම්බන්ධයෙන් අත් කරගනු ලැබ ඇති ප්‍රගතිය පිළිබඳව ප්‍රායෝගික පාඩම් ඉගෙන ගැනීම,උගත් පාඩම් බෙදාහදා ගැනීම සහ නව සොයාගැනීම් හා ප්‍රායෝගික පිළිවෙත් හඳුනාගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩමුළුව පැවැත්වේ.

    සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු සමුළුවෙහි සාමාජික රටවල නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ අදාළ විෂය සම්බන්ධ වෘත්තිකයන්, රාජ්‍ය අංශයේ අදාළ නිලධාරීන් සහ දේශිය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් රැසක් මේ සඳහා සහභාගී වීමට නියමිතය.


    මේ පිළිබඳව අග්‍රාමාත්‍ය සහ නාගරික සංවර්ධන,ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya