අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපනයන ප්‍රවර්ධනයට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා - අමාත්‍ය රමේෂ් පතිරණ

    දෙසැම්බර් 05, 2019

    රුපියල ආරක්ෂා කරගැනිම හා ශක්තිමත් කරගැනිම සඳහා මේ රටට සිදු කෙරෙන ආනයනය හැකිතාක්දුරට අඩු කිරිමටත්,අපනයනය ප්‍රවර්ධනය කිරිම වෙනුවෙන් ගතහැකි සෑම පියවරක් ම ගන්නා බවත් වැවිලි කර්මාන්ත හා අපනයන කාෂිකර්ම අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසිය.

    ඉන් එක් පියවරක් ලෙස ගම්මිරිස් හා කුරුඳු ආනයනය කිරිම සම්පුර්ණයෙන් ම තහනම් කර ඇති බව අද (5) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    ගම්මිරිස් ආනයනය තහනම් කිරිමේ ප්‍රතිඵලයක් ලෙස ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 300කින් ඉහළ ගොස් ඇති බවද අද වන විට ගම්මිරිස්  කිලෝවක මිල රුපියල් 800ක් පමණ බවද අමාත්‍යවරයා කීය.

    කුරුඳු කිලෝවක මිල රුපියල් 2600ක් පමණ වන අතර එය රුපියල් 160කින් ඉහළ ගොස් ඇත. නව රජය ගෙන යන ප්‍රතිපත්තිය යටතේ ''වවන්නෝ - දිනන්නෝ'' යන ජාතික දැක්ම භූමියේ ක්‍රියාත්මක කරන්නත්,දේශීය කෘෂිකර්මාන්තයට දායකත්වයක් දක්වන සැම කෙනෙකුගේම ආර්ථිකය ශක්තිමත් කිරිමටත් බලාපොරොත්තු වෙයි.

    විශේෂයෙන් තේ වගාව සහ තේ පැළ සඳහා අලුත් පස් අවශ්‍ය වන බවත්,තේ පැල 1000ක් සඳහා වැලි කියුබ් එකක් අවශ්‍ය වන අතර එය ලබා ගැනිමේ අපහසුතා ද මීට පෙර ගොවියාට ඇති වි තිබූ බවත්  ගල්,වැල්,පස් ප්‍රවාහනය සඳහා ලබාදී ඇති බලපත්‍ර ඉවත් කිරීම මීට සහනයක් බවද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya