අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හරිත සංකල්පයට මුල්තැනක් දෙමින් අලිමංකඩ ඉදිකළ යුතුයි -අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු

    දෙසැම්බර් 04, 2019

    හරිත සංකල්පයට මුල්තැනක් දෙමින් අධිවේගී මාර්ගය හා සම්බන්ධ අලිමංකඩ ඉදිකිරීමට කටයුතු කරන්නැයි වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා ඊයේ (03) නිලධාරීන්ට නියෝග කළේය.

    ඒ පසුගියදා අදාළ නිළධාරීන් සමග එහි ප්‍ර‍ගතිය පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමිනි.

    එහිදී අන්දර වැව, මත්තල හරහා හම්බන්තොට අදියර 04 කොටස සඳහා දැනට ඉදිකොට ඇති අලිමංකඩවල් පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට සමීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව අලිගහනය සුලභ ප්‍රදේශ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ත් අමාත්‍යවරයා අදාළ නිළධාරීන්ට පැවසීය. දැනට පවත්නා අලිමංකඩවල් හි කොන්ක්‍රීට් බහුල හෙයින් අලින් ඒ හරහා මාරුවීමට රුචිකත්වයක් නොදක්වයි. එම හේතුවෙන් එම අලිමංකඩවල් වඩාත් පරිසර හිතකාමීව, හරිත සංකල්පයට ප්‍ර‍මුඛත්වයක් ලබාදෙමින් වැඩිදියුණු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.

    එමෙන්ම දැනට පවතින අලිවැට කුමන ස්ථානවලින් ශක්තිමත් කළ යුතුද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ නිළධාරීන් සමග සාකච්ඡා කොට නිශ්චිත විසඳුමක් ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya