අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින කිසිම සිසුවෙකුට බාධාවක් සිදු වී නෑ-අධ්‍යාපන අමාත්‍ය

    දෙසැම්බර් 04, 2019

    සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කිසිදු දරුවෙකුට කිසිම විභාග මධ්‍යස්ථානයක දී අපහසුවක්,පීඩාවක් හෝ බාධාවක් සිදුව නැති බව අධ්‍යාපන,තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    එවැනි බාධා සිදු ව ඇති බවට අසත්‍ය තොරතුරු හුවා දක්වමින් හුදෙක් දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් විභාගය සහ රටේ දරුවන් ඈඳාගන්නට දරන උත්සාහය බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරය සඳහන් කරයි.


    මෙහි දී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,

    “ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල ඊයේ දවසෙ ප්‍රචාරය වුණා, කැකිරාව අධ්‍යාපන කලාපය තුළ මුස්ලිම් දියණියන් කිහිප දෙනෙකුට ඔවුන්ගේ සංස්කෘතික මුහුණු වැස්ම නිසා එම විභාග මධ්‍යස්ථානයට ඇතුළු වීමට ඉඩ දුන්නේ නැති බවට ප්‍රවෘත්තියක්.

    මේ ප්‍රවෘත්තිය කන වැකුණු වහාම මම අපේ විභාග කොමසාරිස් ජනරාල්තුමාට කතා කරල කිව්වා වහාම මේ ගැන සොයා බලා ඒ තත්වය නිවැරදි කරන්න කියලා. එතුමන් විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයාට පුද්ගලික ව කතා කළා.

    කැකිරාව කලාප අධ්‍යක්ෂකට කතා කළා. එවැනි කිසිවක් එතන සිදුවී නොමැති බවත් මෙවර විභාගයට ‍පෙනී සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ම දරුවන් කිසිදු බාධාවකින් තොරව විභාගයට පෙනී සිටින්නට අවස්ථාව සලසා ඇති බවත් මම වගකීමෙන් ප්‍රකාශ කරනවා…”

    එමෙන් ම ශ්‍රී ලාංකේය පුරවැසියන් වශයෙන් අප මේ අවස්ථාවේ කළ යුත්තේ මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවා හැරීමට ඉඩ දීම නොව දරුවන්ගේ අනාගතය පිළිබඳ තීරණාත්මක මොහොතක, ඔවුන්ට විභාගයට පෙනී සිටීමට ආත්ම ශක්තිය වැඩිවේවා!යි ප්‍රාර්ථනය කරමින් ඔවුන් වෙත සුබපැතීම බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya