අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලංකාවරත් පරිසරක් නිර්මණය කරන තරුණ පරපුරට ජනපති ප්‍රසාදය

    දෙසැම්බර් 03, 2019

    අලංකාවරත් පරිසරක් නිර්මණය කිරීමේ ජනාධිපතිවරයාගේ සංකල්පය ශක්තිමත් කරමින් මේ වනවිට තරුණ පිරිස් දිවයින පුරා නගර ගම් දනවල තාප්ප අලංකාරවත් කරමින් සිතුවම් නිර්මණකරණයේ යෙදී සිටින ආකාරය මේ දිනවල දක්නට තිබේ.

     

    සමාජ මාධ්‍ය තුළ මෙම තරුණ ව්‍යාපෘතිය සම්බන්ධයේ විශාල ප්‍රචාරයක් හා ප්‍රසාදයක් ලබාදී තිබේ. වත්මන් රජය පත්වීමෙන් අනතුරුව නගර අලංකරණය , පරිසරය සුරක්ෂිත කිරීම, කසල කළමනාකරණය ආදී
    වැඩසටහන් වේගවත් ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ විය.

    සමාජයේ විවිධ පුද්ගලයින් ස්වෙච්ඡාවෙන් ම පරිසරය පිරිසිදු කිරීමේ කාර්යයයේ යෙදෙන ආකාරය පෙනෙන්නට තිබේ.

    පරිසර අලංකරණයට තරුණ ප්‍රජාව දක්වන මෙම දායකත්වයට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රශංසාවට ලක්ව තිබේ. ජනාධිපතිවරයා සිය ට්විටර් අඩවියේ පණිවුඩයක් තබමින් මේ බව පවසා ඇත.

    විශේෂ පොස්ටර් ආදී විවිධ දෑ අලවා අපවිත්‍ර කර තිබූ තාප්ප රැසක් මේ වනවිටත් අලංකාර චිත්‍රවලින් පිරී ගොස් ඇත.

    තරුණ පරපුරේ සුබවාදී ආකල්ප, කණ්ඩායම් හැඟීම,නායකත්වය රටේ වටපිටාව පමණක් නොව අනාගතය ද වෙනස් කිරීමට පදනමක් දමා තිබෙන බව ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයෙන් සඳහන් කර තිබේ.
    මේ සම්බන්ධයෙන් තමන් ආඩම්බර වන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya