අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 5415ක්-සහන සැලසීම ක්‍රියාත්මකයි

    දෙසැම්බර් 02, 2019

    පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් ඇති වූ ජල ගැලීම් හ නාය යෑම් හේතුවෙන් මේ වනවිට පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 5415ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    පීඩාවට පත්ව ඇති පවුල් ගණන 1480කි. පුද්ගල මරණ 05ක් වාර්තා වන අතර තුවාල කරුවන් 04ක් වාර්තා වී ඇත.මේ වනවිට ආරක්ෂිත ස්ථාන 08ක පුද්ගලයින් 619ක් රඳවා සිටී.

    මේ වනවිට උතුර,නැඟෙනහිර, වයඹ, ආදී පළාත්වල පවතින තත්ත්වය අඩු වීමක් දක්නට තිබෙන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදාවලින් හනියට පත් වූ දේපළ තක්සේරු කිරීම කඩිනමින් සිදුවන බවත් තක්සේරුව අනුව උපරිම ලක්ෂ 25ක වන්දි මුදලක් ලැබෙන බවත් ආපදා  කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    සහන සේවා සැපයීම සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව පැය 24 පුරා අඛණ්ඩ සේවයක් ලබාදෙනු ලබයි.මේ වනවිට ජලාශ බොහොමයක වාන්  දොරටු විවෘත කර තිබේ. එබැවින් පහළ වාරි ප්‍රදේශවල ජීවත්වන ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya