අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරින් සෞඛ්‍ය අමාත්‍යවරිය හමුවෙයි

    දෙසැම්බර් 02, 2019

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (ඝ්MOඈ නිලධාරීන් අතර සුහඳ හමුවක් පසුගිය (29) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විනි.

    මෙහිදී නව රජය යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පත්වීම පිළිබද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරින් විසින් සිය ප්‍රසාදය පළ කරන ලදි.

    මෙම සුහද හමුවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු සංගමයේ නිලධාරින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ පෙරදැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සෞඛ්‍ය සේවාවට අදාලව සදහන් කායික, මානසික, සාමාජීය යන ප්‍රධාන කරුණු 03 සහ ඊට අමතරව ඇතුලත් කොට ඇති අධ්‍යාත්මික නිරෝගීකම යන කරුණ පිළිබදවත්, එහි සදහන් තවත් ප්‍රධාන කරුණු 20 ක් පිළිබදවත් සාකච්ඡා කරන ලදි. එමෙන්ම අතීතයේ සෞඛ්‍ය නිර්ණායක ඉදිරිපත් කිරීමේ දී මරණ අනුපාතිය ප්‍රධාන සාධකය ලෙස යොදා ගත් බවත්, වර්තමානයේ නිරෝගීකම නිර්ණායක් වශයෙන් යොදාගෙන සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසිය යුතු බවත්, වසවිසෙන් සහ මත්ද්‍රව්‍ය වලින් තොර සමාජයක් බිහි කිරීමට සෞඛ්‍ය සේවාවේ අවධානය යොමු විය යුතු බවත් අවධාරණය කරන ලදි. නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් ගන්නා වූ සියලු ක්‍රියාමාර්ග සදහා සිය සංගමයේ සහයෝගය ලබාදෙමින් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සෞඛ්‍ය සේවාවට අදාල එක් එක් කරුණු සම්බන්ධයෙන් වෙන වෙනම සාකච්ඡා කොට විසදුම් ලබාදීමට සිය සහයෝගය ලබාදෙන බව ද ප්‍රකාශ කරන ලදි.

    එමෙන්ම ගුණාත්මක හා කඩිනම් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා සහ තීන්දු තීරණ පිළිබදව ද අමාත්‍යවරිය දැනුවත් කිරිමට පියවර ගන්නා ලදි. දිවයිනේ සියලු රෝහල්වලට හිඟයකින් තොරව ඖෂධ ලබාදීම සදහා වන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට තමන් සතු ක්‍රමෝපායන්, දත්ත හා තොරතුරු ලබාදීමට පියවර ගන්නා බව ද පැවැසීය.

    කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණය උදෙසා ගරු අමාත්‍යවරිය ගෙන යන වැඩපිළිවෙලට සිය සහයෝගය ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටි අතර සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ අහිංසක දුගී දුප්පත් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක ප්‍රතිලාභ ලබාදීමට අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ තමන් ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය දැක්වීම අගය කොට සළකන බවයි.

    ඉදිරියේ දී ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වා‌‌ගෙනයාම සදහා සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීය සමිති සමග ද සාකච්ඡා පවත්වා එම වෘත්තිය සමිතිවල අදහස් හා යෝජනා ද ලබාගන්නා බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවැසිය.

    මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා, ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ මහතා, උපසභාපති වෛද්‍ය සාරද කණ්නංගර මහතා, සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා, ඇතුලු සාමාජිකයින් 30 ක පමණ පිරිසක් සහ ගරු අමාත්‍යතුමියගේ පුද්ගලික ලේකම් කාංචන ජයරත්න මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya