අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි

    දෙසැම්බර් 01, 2019

    අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ප්‍රදේශවල අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සිසුන්ට අවශ්‍යනම් තමන්ට ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටීමේ පහසුකම් සපයා ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ /උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

     අද (01) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    අද දහවල් විභාග කොමසාරිස්වරයා සමඟ මේ පිළිබඳ සාකච්ඡාවක සිදු කර ඇති බවත් ඒ අනුව කිසියම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධා එල්ල වී ඇති සිසුන්ට ඒ සදහා දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංකයක්ද    හඳුන්වා දී ඇත. ඒ අනුව විභාගයට පෙනී සිටින සිසුන්ට අයහපත් කාලගුණයෙන් කිසියම් බාධාවක් එල්ල වී ඇත්නම් හදිසි දුරකථන අංක 1911 අමතා දැනුම් දිය හැකි බව ද අමත්‍යවරයා සඳහන් කළේ ය.

    තවද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකයට සහ 077 3 957 903, 077 3 957 898 හෝ 077 2 320 530 යන අංකවලට ඒ පිළිබද දැනුම් දිය හැකිවෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya