අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයේ බදු සහන පැකේජය අද සිට ක්‍රියාත්මකයි- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    දෙසැම්බර් 01, 2019

    නව රජය ජනතාවට ලබා දුන් බදු සහන පැකේජය අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන බව  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඒ අනුව වක්‍ර බදු අද (01) දිනයේ සිටත් සෘජු බදු එළඹෙන ජනවාරි මස පළමු වනදා සිටත් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අවශ්‍ය ගැසට් නිවේදන මුදල් අමාත්‍යංශය අද දින නිකුත් කර තිබේ.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, ලංකා ඉතිහාසයේ කිසිම රජයක් අනුගමනය නොකළ ඉතාම පීඩාකාරී, මූලධර්ම වලට පටහැනි බදු ප්‍රතිපත්තියක් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කර තිබූ බවයි.

    එහෙත් මෙම බදු පීඩනය අඩු කිරීම තුළින් ව්‍යාපාරික අංශ වලට ලබන වසරේදී තව තවත් ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත විය හැකි බවද ජාතික ආරක්ෂාව තහවුරු කර ආර්ථිකයේ පිබිදීම තුලින් සහ ව්‍යවසායකයින්ට අසාමාන්‍ය බදු සහන ලබා දීම තුළින් 2020 ආර්ථික වර්ධන වේගය 6% දක්වා ඉහළ නගිනු ඇතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම බදු පදනම පුළුල් වීම තුළින් බදු ආදායමද ඉහළ යනු ඇත.

    ඉදිරි මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආයෝජන ප්‍රවර්ධන බදු මුක්ති පැකේජය නමින් දේශිය ව්‍යවසායකයින්ට සහන සළසන බදු පැකේජයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    ලබා දුන් බදු සහන මෙසේයි.

    ගෘහස්ත නිෂ්පාදන මත අය කරන ජාතිය ගොඩ නැගීමේ බදු අහෝසියි

    ආර්ථික සේවා ගාස්තු අහෝසියි

    බැංකු හා මූල්‍ය ආයතවල හර බද්ද අහෝසියි

    කොටස් වෙළඳ පොළේ ලාභ මත අය කරන ප්‍රාග්ධන බදු අහෝසියි

    උපයන විට ගෙවන බදු අහෝසියි

    පොලී මත අයකරන රැඳවුම් බදු අහෝසියි

    ණය සේවා බදු අහෝසියි

    ඉදිකිරීම් ආදායම් බදු සියයට 28 සිට 14ට කපා හැරෙයි

    ස්හාධිපත්‍ය හා මහල් නිවාස වලින් අයකරන වැට් බදු අහෝසියි

    ආගමික ස්ථාන මත අයකරන සියලු බදු අහෝසියි

    විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අයකළ බදු අහෝසියි

    විදුලි සංදේශ ගාස්තු 25%කින් අඩුවෙයි

    වැවිලි කර්මාන්තයෙන් උපයන සියලු ආදායම් බද්දෙන් නිදහස්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya