අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරක්ෂා සිසු රක්ෂණය අහෝසි නෑ- වාර්තා සත්‍යයෙන් තොරයි

    නොවැම්බර් 30, 2019

    මිලියන හතරකට (4) අධික පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව තීරණය කොට ඇතැයි  (29) දින ඇතැම් ජනමාධ්‍යවල ද ඇතැම් සමාජ මාධ්‍ය ජාලා තුළ ද පළ වී ඇති වාර්තා මුළුමනින්ම සත්‍යයෙන් හා වගකීමෙන් තොර බව අවධාරණය අධ්‍යපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත අවධාරණය කරයි.

    මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියක් ලෙස සුරක්ෂා රක්ෂණය හැඳින්වීමට මා කිසිවිටෙක නොපැකිළෙමි. අමාත්‍යධුරයේ වගකීම් භාරගත් මොහොතේ ජනමාධ්‍ය හමුවේ ද මම එය අවධාරණය කළෙමි.

    අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබුවේ මෙම රක්ෂණය සඵලදායී ව්‍යාපෘතියක් වුවද ක්‍රියාත්මක පාර්ශවයේ දී සිදු වූ සියලු දුර්වලකම් සහ අනීතික ක්‍රියාකාරකම් දුරු කොට ජාතියේ දරුවනට උපරිම ප්‍රතිලාභ හිමිවන සේ ක්‍රියාත්මක කළ යුතු බවයි.

    ඒ අනුව, ජාතික වගකීමක් ලෙස කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතබමින් මෙම සිසු රක්ෂණය ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාරගනු ලබන්නේ ගෞරවයෙනි. මහත් වූ විශ්වාසයෙනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya