අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ කරුණු ඉටුකිරීමට,මහජනයා වෙනුවෙන් කටයුතු කිරීමට රාජ්‍ය අමාත්‍යවරු පත් කළා- රාජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ

    නොවැම්බර් 29, 2019

    ඉදිරි කෙටි කාලය තුළ ජනාධිපතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ කරුණු ඉටුකිරීම සදහා මහජනයා වෙනුවෙන් කටයුතු කිරීමට රාජ්‍ය අමාත්‍යවරු පත් කර තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ මහතා පවසයි.

    ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසන්ත පුංචිනිළමේ මහතා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස ඊයේ (28) රාජකාරි ආරම්භ කළේ ය.

    මේ ඉදිරි කෙටි කාලය තුළ ජනාධිපතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ කරුණු ඉටුකිරීම සදහා මහජනයා වෙනුවෙන් කටයුතු කිරීමට රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස අප පත්කර ඇති අතර මේ අමාත්‍යාංශය යටතේ ග‍්‍රාමීය ජනතාවට සුළු හා මධ්‍ය පාන්තික ජනතාවට සුළු ව්‍යාපාරික ප‍්‍රජාවට සුවිශාල සේවාවක් කිරීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, මීට කලින් රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩකරන්න දුන්නේ නම්, පැවැති රජයට අන්ත පරාජයකට පත්නොවන බවයි. හිටපු ප‍්‍රධාන අමාත්‍යවරුන් පමණක් තමන්ට අවශ්‍ය විදිහට කටයුතු කළ නිසා නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනතාවට සේවයකිරීමට නොහැකි වු බැවින් පැවැති රජය මෙවර මැතිවරණයේදී අන්ත පරාජයකට මුහුණ දීමට සිදු වුණා.

    අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ප‍්‍රායෝගික නායකයෙකු ලෙසත් රාජ්‍ය අමාත්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී තනතුරු, වරප‍්‍රසාද වැජබෙන්නට නොව මහජනතාව වෙත ගොස් සෙවය කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මේ වන විටත් උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya