අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ගේ රක්ෂණය නවතා නෑ- ''සුරක්ෂා රක්ෂණය'' වැඩි ප්‍රතිලාභ සමඟ විනිවිදභාවයෙන් ලබාදෙනවා- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    නොවැම්බර් 28, 2019

    දරුවන්ට ලබාදෙන රක්ෂණ හා ප්‍රතිලාභ අඩු කිරීමට කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද සුරක්ෂා රක්ෂණය මඟින් වැඩි ප්‍රතිලාභ ලබාදෙමින් විනිවිදභාවයෙන් ලබාදීමට කටයුතු කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ /උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියි.

    අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයේ අර්ථ නිරූපණය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් මේ බව පැවසීය.

    එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, නොවැම්බර් 30 දිනට වසන් විමට නියමිත සුරක්ෂා රක්ෂණය සඳහා කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව දීර්ග කිරීමට කටයුතු කර තිබූ බවත් එය නීති විරෝධී බවත්     ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා පෞද්ගලික මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කොට කමිටුවක් පත් කිරීමටත්  එය කඩිනමින් ලබාදීමටත් විනිවිදභාවයෙන් කටයුතු කිරීමටත් පියවර ගෙන තිබෙනවා  යැයි අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya