අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට සිට නැවතත් වැසි තත්ත්වයේ වැඩි වීමක් - පළාත් කිහිපයකට තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    නොවැම්බර් 26, 2019

    දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්ත්වයේ තවදුරටත් වැඩි වීමක් හෙට (27) සිට බලාපොරොත්තු විය හැකි බවත්, ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර හෙට වන විට මුළුමනින්ම ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    ඒ අනුව, උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව.01.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.


    සබරගමුව, බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75-100 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවත්, මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වල සුළඟේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර 40-50 දක්වා වැඩි විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


    තාවකාලික තද සුළං වලින් හා අකුණු මඟින් සිදු වන අනතුරු වලක්වා ගැනීම සඳහා ආරක්ෂාකාරී පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya