අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂයේ සිට සහාය ලබාදෙනවා- අමාත්‍යවරුන්ගේ රැස්වීමක් අද - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    නොවැම්බර් 20, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අමාත්‍ය මණ්ඩලයක් පත් කරගෙන ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගෙන යාමේ දී අවශ්‍ය සහාය විපක්ෂයේ සිට ලබා දෙන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉවත් වී ඇමැති මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාව සලසා දෙනු ඇතැයි ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    මෙම තීරණය ගැනීම සඳහා අමාත්‍යවරුන්ගේ රැස්වීමක් අද (20) පස්වරු 4.30ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන බව ද ඒ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසීමක දී පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya