මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය සඳුදා පස්වරු 06.00 ට පෙර

    නොවැම්බර් 16, 2019

    ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය සඳුදා (18) පස්වරු 06.00 ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    හෙට (17) දා පෙරවරු 06.00 වන විට ඡන්ද කොට්ඨාස ප්‍රතිඵල වලින් 1/3 ක් නිකුත් කිරීමට අපේක්‍ෂා කරන බව ඒ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) සවස පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.

    මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය පාවිච්චි කොට ඇති මුළු ප්‍රතිශතය 80% ඉක්මවයි. තැපැල් ඡන්ද ප්‍රතිඵල ද එකතු වූ විට එය 80% - 84% දක්වා ඉහළ යනු ඇතැයි ද සභාපතිවරයා කීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කළුවැව මහතා සහ මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිළධාරීන් ගණනාවක්ම මෙම මාධ්‍ය හමුවට සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya