අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “යාල්පානම් ආහාර සැණකෙළිය” උතුරේ දී

    නොවැම්බර් 13, 2019

    “යාල්පානම් ආහාර සැණකෙළිය” 2019 යන තේමාව ඔස්සේ සංවිධානය කල සූපශාස්ත්‍ර තරඟය 2019 නොවැම්බර් 09 වන දින ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේදී පවත්වන ලදී.

    ඒ අනුව මෙම සැණකෙළිය සඳහා උතුරු නැවික විධානයට අයත් සියළුම ආයතන, නෞකා සහ යාත්‍රා නියොජණය කරමින් කණ්ඩායම් සහභාගි විය. මෙහි ප්‍රධානතම අරමුණ වුයේ උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයන්ගේ සූපශාස්ත්‍ර කුසලතා, ආහාර සැකසුම් ‍‍ක්‍ෂේත්‍රයෙහි නියැලෙන පුද්ගලයින්ගේ නිපුණතා, නවෝත්පාදන හැකියාවන්, සාමූහික ක්‍රියාකාරිත්වය සහ තරඟකාරිත්වය ඉහළ නැංවිම සහ එම හැකියාවන් පුළුල් කිරිමයි.

    තරඟයට එක්වු සෑම කණ්ඩායමක්ම ඉහළ තරඟකාරිත්වයකින් යුතුව විවිධ ආහාර අයිතමයන් ඉදිරිපත් කර තිබු අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල්, කපිල සමරවීර මහතා සහභාගි විය. තවද, ශ්‍රීලංකා යුද්ධ හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය මෙන්ම රාජ්‍ය ආයතන වල නිලධාරින් පිරිසක්ද, උතුරු නාවික විධානයට අයත් නාවික පුද්ගලයින්ද මෙම අවස්ථාව සඳහා එක්විය.

    තරඟාවලිය අවසානයේ ත්‍යාග ප්‍රධානයක්ද නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි අතින් සිදුකෙ‍රුණු අතර, තරඟ අංශ රැසක් යටතේ සංවිධානය කල මෙම සුපශාස්ත්‍ර තරඟයේ සෑම අංශයන්ගෙන්ම දක්ෂතම කණ්ඩායම වශයෙන් වේග යාත්‍රා නියොජනය කළ කණ්ඩායම තේරි පත්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya