අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව ස්වභාවික ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මාතර සූදානම් - මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී

    නොවැම්බර් 13, 2019

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 458 ක දී සිදු කෙරෙන අතර එම ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව ගංවතුර, අධික සුළං, නාය යෑම් ආදී කුමන හෝ ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට  මාතර දිස්ත්‍රික්කය සූදානම් බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී , දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.


    මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 හි ප්‍රාදේශිය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරී වසම් 650 හි ග්‍රාම සේවා නිලධාරීන් කැඳවා එක් එක් ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳව විමසීම් කළ බවත් ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව මෙතෙක් කිසිඳු ගැටළුවක් නොමැති බවත් යම් හෙයකින් හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළ බවත් තේරීම්භාර නිලධාරී වරයා වැඩිදුරටත් පැවසී ය.
    මාතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 652417 කි. මෙවර මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම හා ප්‍රතිඵල නිකුත් කිරීම මාතර සුජාතා බාලිකා මහා විද්‍යාලයේ දී සිදු කෙරේ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya